19

32 9 22
                                    

චිම්...චිම්....ඇහැරෙන්න..අද අපි අප්පාගෙ රෙස්ටුරන්ට් එකට යන්න ඕන...එන්න...චිම්ම්ම්ම්ම්ම්.....ආයිශ්...මේකා නැගිටින්නෙම නෑනේ...

ඔම්මා කෑම මේසෙ ලෑස්ති කරන්න හදන වෙලාවේ අප්පා වොශ් දාගෙන එන්නම් කියලා ගියාම මමත් ආවේ ජියුන්වයි ජිමින්වයි ලේස්ති කරගෙන මමත් ලේස්ති වෙලා පහලට එන්න උනත් දැන් මම ජීයුන් ජිමින් ඉන්න කාමරෙට ඇවිත් විනාඩි පහලවක් විතර කතා කරත් ඇහැරෙන පාටක් නම් නෑ.මම කාමරේට එනකොටත් ජිමින් ජීයුන්ව බදාගෙන හොදට නිදි.ජිමින් කොච්චර කිව්වත් මම දන්නවා ජීයුන්ට මට තරම්ම ගොඩක් ආදරෙයි කියලා.ඔව් එයා එයාගෙ මල්ලිට මටත් වඩා ආදරේ ඇති.

මම මුලින්ම ජිමින්ට කතා කරේ ජීයුන්ව පස්සෙ නැගිට්ටවලා ජීයුනාව සෝදන්න ලේසි නිසා.ඒත් දෙන්නගෙන් එක්කෙන්ක්වත් නැගිටින පාටක් නම් තිබ්බේ නෑ.මං හිමීට ජිමින් ගාවින් ඇදේ ඉදගෙන ජීයුන්ව බදාගෙන හිටපු අත හිමීට මෙහාට අරගෙන එයාව උඩ අතට හරවගත්තම ජිමින් හීන් කෙදිරියක් පිට කරලා ඒ පැත්තට හැරුනා.ඒ ඒක්කම මම ජිමින්ගේ ටීශර්ට් එක අස්සෙන් හිමීට අත දාලා මගේ ඇගිලි වලින් එයාගේ චූටි බඩ හිමීට කිති කවන්න ගත්තේ එයා නැගිටින්නෙම නැති නිසා.

මම කරන වැඩේ ඉල්ලිගල් උනත් මට ඒක කරන්නම වෙන බව මම දැනගෙන හිටියා.මම හුගක් දේවල් සම්බන්දයෙන් දැනගෙන හිටියේ ජන්කුක් ගැන උනත්.සිද්ද උන අහබු දේත් එක්ක මම ජිමින් ගැන ඕනෙවටත් වඩා දේවල් දැන ගත්තා.ජිමින් ගැන දැනෙන ඒ අමුතු හැගීම ඔව් ඒක ආදරේ බව මම දැනගත්තා.ඒත් මම පරක්කු වැඩී.මොකද මේක වැරදී.මම ඉන්නේ වැරදි කාලෙක.මම මෙහේට අයිති නැති කෙනෙක්.ඉතින් මට අමාරුවෙන් උනත් හිත හදාගන්නම වෙනවා.

මගේ අතේ ඇගිලී හිමීට ජිමින්ගේ බඩ උඩ දගලනකොට ජිමින් හීන් කෙදිරිලි ගොඩක් පිටකරන්න ගත්තම මට හිනා යන්න ආවත් මම තොලකුත් හපාගෙන ඒක පාලනේ කරගෙන හිටියා.

චිම්...නැගිටින්න...අද අපි අප්පගෙ රෙස්.....

Unexpected wishWhere stories live. Discover now