46

34 7 12
                                    

Oli's pov

අන්තිමේදි ඒකත් ඉවර උනා ඒනම්!
මේ පාර Dior men winter 2023-2024 show එකට තමා ජිමින් participate උනේ.ගිය පාරවල් වලට වඩා මේ පාර විශේශත්වෙ තමා ජිමින් dior ambassador කෙනෙක් වෙච්ච එකයි,මේ පාර ශෝ එකට එයා එන එකයි.ඒ නිසාම ARMY ලා ගොඩක් show එක තියෙන venue එකට යන පාර දෙපැත්තෙ වගේම show එක තියෙන තැනත් හිටියා.කොහොමත් ඇතුලට ගියාට පස්සෙ තමා ජිමින්ට මගේ උදව් ඕනි වෙන්නෙ...ඒ නිසාම මන් ජිමින්ව පේන මානෙ තමා entrance එක හරියෙ හිටියෙ...ඊට පස්සෙ නම් මට ජිමින් ගාවට යන්න පුලුවන් උනා...

ඊට පස්සෙ ජිමින්ගෙ ෆොටෝස් ටිකකුත් අරගෙන ටිකක් ඒ හරියෙ කැරකි කැරකි ආපු අනිත් අයත් එක්ක කතා කරන්න ගත්තා...ටික දෙනෙක් තමා English වලින් කතා කරේ අනිත් අය නම් ෆ්‍රෙන්ච් වලින්ම තමා කතා කරේ.ඒ වෙලාවෙ මන් ජිමින්ට උදව් කරා ඒවා ට්‍රාන්ස්ලේට් කරගන්න...එතන කතා කරපු ගොඩක් celebrities ලා  ARMY ලා,ඉතින් එයාලට ගොඩක් සතුටු හිතුනා ජිමින් මේකට participate වෙච්ච ගැන...ඒ අතරෙ ජිමින්ගෙ හිනාවෙන ඇස් වලිනුත් ඒ සතුට පෙනුනා.

කොහොම හරි වෙලාවත් ගිහින් show එක ඉවර වෙනකම් මන් හිටියෙ අවුලෙන්...චිම් එක පාරක් වත් මාත් එක්ක හොදට හිනා වුනේ නෑ...මන් වගේ කෙනෙක් මෙතන නැති ගානටයි එයා ටිකක් හැසිරුනේ...අනිත් අය එක්ක කට පුරා හිනාවෙද්දි මාත් එක්ක යන්තම් හිනාවුනේ...අඩු තරමෙ ජේ හෝප් ට මාව introduce කරල දෙන වෙලෙත් හිටියෙ බුම්මගෙන.එයා නම් එයාගෙ සන්ශයින් හිනාව වැඩියෙනුත් දාලා මාත් එක්ක හොදට කතා කරා.එයාට හිතා ගන්න බැරිලු මන් එච්චර හොදට කොරියන් කතා කරන්නෙ කොහොමද කියලත්...
මන් හිතුවෙ මේකට ඇවිල්ලා වත් අපි දෙන්නා කතා කරන අතරෙම ටිකක් හරි ෆිට් වෙයි කියලා.ඒ කිසි දෙයක් උනේ නැති නිසා මන් හිටියෙ මෙතනින් යන්නෙ කීයටද කියලා.ජිමින් මෙහෙම කරද්දි මගේ හිත රිදෙනවා කියලා එයා දන්නෙ නැතුවද මේම කරන්නෙ...ඔයාගෙ හිතේ මන් වෙනුවෙන් තිබ්බ ආදරේ දැන් නැද්ද චිම්?ඒ නිසාද ඔයා ඕම හැසිරෙන්නෙ?

ඕවත් හිත හිත අන්තිමේදි ශෝ එක ඉවර වෙද්දි රෑ අට වගේ විතර උනා.කෝමත් ස්ටාෆ් එකට සාමාන්‍යයෙන් මෙහෙම ටුවර් එකක් ආවහම ට්‍රීට් එකක් දෙනවා.මේ පාර කට්ටියම කිව්වෙ කන්න ඕනි නෑ ක්ලබ් එකට යමු කියලා.ජේ හෝප් නම් අපිත් එක්ක ජොයින් වෙන්නෙ නෑ එයාට අද රෑ තියෙන ෆ්ලයිට් එකෙන්ම korea යන්න වෙනවා කිව්වාඑයාගෙ ඉස්සරහට එන අලුත්ම සෝන්ග් එකේ වැඩ වගේකට...එයා අපෙන් ඒකට සමාවත් ගත්තා ඉන්න වෙන්නෙ නෑ කියලා.

Unexpected wishWhere stories live. Discover now