27

31 8 13
                                    

මල්වෙඩි සංදර්ශනය ඉවර වුනාට පස්සෙ අපි දෙන්නා ගෙදර එන්න බස් එකට නැග්ගා.ජිමින්ගෙන් මට ලැබුනු හාදුවට පස්සේ එයා මං
එක්ක එක වචනයක්වත් කතා කරේ නෑ.මට ඒකට දුක හිතුනත් ජිමින් තවම පොඩි නිසා මට හිතුනා එයා ගොඩක් කලබල වෙලා ඇත්තේ කියලා.ඒ නිසා මම බස් එකේ වින්ඩෝ එක දිහා බලාගෙන ඉන්න ගමන්ම එයාගෙ එක අතකින් මම සිනිදුවට අල්ලගත්තා.ඒ එක්කම එයා එහෙමම මගේ උඅරහිසට බර වෙලා ඔලුව තියා ගත්තම මම එයාගේ ඔලුවට පොඩි හාදුවක් දීලා ආයෙම එයාගේ අත තදීන් අල්ලගෙන විම්ඩෝ එකෙන් එලිය බලාගත්තා.

ටික වෙලාවකින් අපි ගෙදරට ආවේ ඔම්මටයි අප්පටයි ජීයුන්ටයි අපි අද කාපු හැල්මොනීගේ සුශි ටිකකුත් අරගෙනමයි.ගෙදරට ආපු ගමන් ජිමින් මහන්සියි කියාගෙන උඩට ගියේ වොශ් කරගන්න.මම එයාට යන්න දුන්නේ කොහොමත් අද එයාට ගොඩක් මහන්සි නිසා.

මහන්සි නැද්ද දුව....

ටිකක් මහන්සියි ඔම්මා....

අපේ කොල්ලා කරදරයක් දාගත්තේ නෑනේ ?

නෑ අප්පා...අපි දෙන්නා මල්වෙඩි සංදර්ශනයකුත් බලලම තමයි ආවේ...

ආහ් ඒක හොදයි අපිත් කාලෙක ඉදන් ගිහින් නෑ...

ඔම්මා අප්පා මට කියන්න දෙයක් තියෙනවා..

මොකක්ද දුව....?

ජිමින් ගැන..මේක බලන්න..

එහෙම කියලා මම ජිමින් මට දුන්න එයාගේ ඔඩිශන් යන ෆෝම් එක ඔම්මටයි අප්පටයි දුන්නම එයාලා ඒක කියවන්න ගත්තා.

ඔම්මා අප්පා..ප්ලීස් චිම්ව මේකට යවන්න.ඒක එයාගේ හීනේ ඔම්මා.ප්ලීස් අප්පා.එයා අනිවාර්යයෙන් සිලෙක්ට් වෙනවා මම දන්නවා එයා කවදහරි දවසක ලොකුම ලොකු අයිඩෝල් කෙනෙක් වෙයි.

Unexpected wishWhere stories live. Discover now