18

44 11 21
                                    

A/N
අනේ කතාව අමතකයි කියලා දන්නවා.ඒ නිසා උඩ එක උඩින් පල්ලෙන් හරි කියවලා එන්න.

👇🏼story

පහුවෙනිදා උදේම හැමෝම ලෑස්ති උනේ ජිමින්ගේ අප්පගේ රෙස්ටුරන්ට් එකට යන්න.මමත් ඒකට යන්න ගොඩ කාලෙක ඉදන් ආසාවෙන් හිටියේ.මං කිව්වෙ මං මෙහේට වැරදීමකින් ආව වෙලාවෙ ඉදන්.ආමි කෙනෙක් වෙලා ඉදිද්දි මගේ බයස් ජන්කුක් ඔප්පා නිසා මං වැඩිපුරම ඉන්ටරෙස්ට් උනේ එයා ගැන උනත් මං දැනගෙන හිටියා ජිමින්ගෙ අප්පට රෙස්ටුරන්ට් එකක්  තියෙනවා කියලා.කලින් දවසේ රෑ ජිමින් මං ගාව නිදාගෙන ඉදල උදේම මම ඔම්ම ඇහරෙන්න කලින් කොහොමහරි ජිමින්ව නැගිට්ටවගෙන ආයෙම ජීයුන්ගේ රූම් එකට යැව්වම ජිමින් නිදිමරගාතේ මෙලෝ සිහියක් නැතුව ආයෙම ජීයුන්ගාවට ගිහින් එහෙමම නිදා ගත්තා.

ඒ ඒක්කම මට මතක් උනේ ඊයේ නාසා එකෙන් එවපු පනිවිඩේ.ඒක ඒ තරුව පායන දවස අද තමයි එයාලා කියන්නේ.ඒක නිසාම මම අද ගොඩක්  නොසන්සුන් උනා.සමහරවිට අද වෙන්න පුලුවන් මම එයාලා එක්ක ඉන්න අන්තිම දවස.මොකද එයාලා කිව්වොත් ඒක හෙට පායනවා කියලා මම ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ.ජිමින්ව දාලා යන එක මතක් වෙනකොටයි මට ගෙදර යන්න තියන එකම චාන්ස් එක මේක නිසාත් මගේ හිත හොදටම කලබල වෙලා තිබ්බේ.

කොහොම උනත් වෙනදා වගේම නැතුව අද උදේම නැගිටලා ජිමින්ගේ ඔම්මට උදේ කෑම එක හදන්න උදව් කරා.ඔම්මා එපා කියද්දිත් මම එයාට උදව් කරේ මම මේ දවස් ටිකට ඔම්මට හරියට උදව් කරගන්නවත් සිහියක් තිබ්බෙ නැති නිසා.අද ඉරිදා නිසා අප්පා ජිමින් ජීයුන් ඔක්කොමලා නැගිට්ටේ ගොඩක් පරක්කු වෙලා.ඔම්මා කියන විදියට හැමදාම අප්පගෙ රෙස්ටුරන්ට් එක ඉරිදට වහලා එයලා එකේ නිදහසේ ඉන්නවලු.කොහොමහරි මමයි ඔම්මයි කෑම හදලා ඉවර වෙද්දි අප්පා නැගිටලා ආවේ ඈනුමකුත් යවන ගමන්.

චගී....ගුඩ් මෝනින්ග්...

ම්ම්ම්....දැන් නැගිට්ටේ ආහ්....

ම්ම්ම්.. අර වසවරතියෝ දෙන්නා මගේ කඩේ කන දවස නේ..

Unexpected wishWhere stories live. Discover now