39

44 9 16
                                    

Oli's pov

පහුවෙනිදා උදේම මම ලෑස්ති වෙලා පහලට යනකොටත් සුහෝ මාව ගන්න ඇවිත් හිටියා.එයා එක්කම මම යුනිවසිටි එකට ඇවිත් වැඩ පටන්ගත්තේ දවල් ලන්ච් බ්‍රේක් එකට එයාගෙන් කොන්සර්ට් එකට යන එක ගැන අහන්න.උදේ ලෙක්චර් එක මම කර කර ඉද්දි ස්ටුඩන්ට් කෙනෙක් ඇවිත් මට කිව්වේ කන්ග් සර් මට කතා කරා කියලා.කන්ග් සර් කියන්නේ අපෙ ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ්.ඇත්තටම මෙහේ අය ගොඩක් හොදයි.කන්ග් සර්ගෙත් මම හිතන්න තරම් වැරැද්දක් දැකලා නෑ.

සර්....

අහ්.එන්න ඔලී...

සර් එන්න කිව්වේ?....

අහ් මේක ඔයාට....

මේක මොකක්ද සර්...?

ඔයාම බලන්නකෝ...මම හිතන්නේ ඕක ඔයාට ග්‍රේට් ඔපචුනිටි එකක් වෙයි...

කිව්වේ සර්...?

ඕක බලලම මට කතා කරලා කියන්නකෝ හෙට....

හරි සර්...

අද වැඩ ටික කරන්න එහෙනම්...

ඕකේ සර්...තැන්ක් යූ....

කන්ග් සර් මගේ අතට ලොකුම ලොකු ලෙටර් එකක් වගේ එකක් දුන්නත් මට හිතා ගන්න බැරි උනා ඒක මොකක්ද කියලා.ඒත් මම ඒක එහෙමම ආයෙම ක්ලාස් එකට ඇවිත් මගේ බෑග් එකට දාගත්තේ හවස අපාර්ට්මන්ට් එකට ගිහින්ම ඒක බලනවා කියලා හිතාගෙන.

උදේ ලෙක්චර් සේරම ඉවර කරලා මම කැෆිටේරියා එකට ආවේ ලන්ච් ගන්න සුහෝ එක්කම.ටික වෙලාවක් මම සුහෝ එනකන් එයාටයි මටයි කොෆී එකක අරගෙන බලාගෙන හිටියා.මම
මගේ කොෆී එක බිබී උන්නකොට මම දැක්කා සුහෝ ඈත් ඉදන් ලස්සන හිනාවකුත් දාගෙන මගේ පැත්තට එනවා.එයා හිනාවීගෙනම ඇවිත් මං ගාවින් වාඩි උනාම මමත් එයා එක්ක හිනා උනේ දැන් ඇත්තටම සුහෝ කියන්නේ අශි වගේ මෙහේ මගේ හොදම යාලුවා නිසා.එයා ඇත්තටම මට වඩා අවුරුදු අටක් වැඩිමල් එත් අපි දෙන්නා හිටියේ හොදම යාලුවෝ වගේ.සුහොත් ජිමින්හේ වයසෙමයි.

Unexpected wishWhere stories live. Discover now