Chapter 01

3.2K 338 14
                                    

- 1995 September 01 -

- "අනේ මගේ දරුවා. හනි මේ බලන්න. පුංචි ඇස් හරිම හුරතල්"

- "ඩොක්ටර්"

- "ඒ ගැන හිතන්න එපා මිස්ටර් කිම්. ඒ දරුවා ඔයාලගේ."

පියවුනු හුරතල් ඇස් සුදුම සුදු මුහුණේ රෝස පාටට හැරෙමින් තිබුණු කම්මුල් රෝස පාට තොල් දිහා දහසක් දේ හිතේ දරාගෙන හැඟීම්බරව තම අත්ලේ ඉන්න පැටියව පපුවට තුරුලු කරන් බලාගෙන මිසිස් ජියෝන් ඒ පුංචි පැටියගේ පුංචි ඒ අත් තමන්ගේ අතින් පිරි මැද්දේ කියාගන්න බැරි දරු සෙනෙහසින්. විවාහ වෙලා වසර 5 ගෙවුනත් දරුවෙක් කුස තුලට පිළිසිඳ නොගෙන දරු දුකෙන් සිටි ජියෝන් පවුලට අද තම බලාපොරොත්තු රැසක් එක්ක අලුත් සාමාජිකයෙක් එකතු වුණා.

මිසිස් කිම් සහ මිස්ටර් කිම් තම කුලුඳුුල් දරුවා දිහා කඳුලු පිරුණු දෙනෙතින් බලමින් ඔහුගේ ඔළුව අතගාමින් සිටියා. ඒ අතරතුර ඩොක්ටර් ඔවුන්ට බාධා කරමින් ඔවුන්ට කතා කලා.

- "මට ඔයාලට කියන්න තව වැදගත් දෙයක් තියෙනවා."

- "ඔව් ඩොක්ටර් කියන්න."

- "මේ බෙහෙත් මුලු ජීවිත කාලේම මේ දරුවට දෙන්න."

විසල් උනු දෑස්වලින් ඩොක්ටර් දෙස බැල්මක් හෙලු ඔවුන්ගේ මුවත් අතත් වෙව්ලන්න පටන්ගත්තේ ඩොක්ටර් දැන් කියපු දේ නිසා ඇඟෙන් දැනුනු බය ගතියට.

- "ඩො....ඩොක්ටර් ඇයි බෙහෙත්. මේවා.... මොකටද?"

- "මේකයි බයවෙන්න දෙයක් නෑ. මේ දරුවා ඉපදුනේ අඩු මාසෙන්. ඒ නිසා emergency room එකට අපි දැම්මා. මාස 6න් ඉපදුනු නිසා හරිම දුර්වලයි. කිසිම විදිහකින් තුවාලයක්වත් මේ දරුවට වෙන්න ඉඩ තියන්න එපා. තේරුණාද?"

- "ඒ ගැන බයවෙන්න එපා ඩොක්ටර්. මේ ඉන්නේ අපේ පණ. අපි මේ දරුවට කිසිම කරදරයක් වෙන්න දෙන්නේ නෑ"

- "හ්ම්.... ඉතිං ඔයාලා මේ දරුවට නමක් හිතුව ද?"

මිසිස් කිම් සහ මිස්ටර් කිම් දෙදෙනාම සිනා මුසු මුුහුණෙන් එකිනෙකාගේ මුහුණ දෙස බලමින් තම අත්ල මත ඉන්න පුංචි පැටියාගේ නළලට හාදුවක් දී දෙදෙනාම සිතා සිටි නම ඒ දරුවා දිහා බලමින් පැවසුවා.

- "කිම් ථේ හියුන්ග්"
.
.
.
.
.
.
- 7 years later -

- "ථේ පුතේ බලාගෙන ඔය බලාගෙන වැටෙයි."

- "ඔම්මා සිදෙනවා"

- "මං කිව්වනේ දුවන්න එපා කියලා"

ථේ ටික වෙලාවකින් ඔළුව දෙපැත්තට හරව හරව හුරතල් විදිහට හිනාවෙන්න ගත්තා. ඔම්මා පුදුම වෙලා බලන් ඉදලා පස්සේ තේරුණා මේ කොල්ලගේ කපටි වැඩේ.

- "ආහ්.... ඔම්මව බය කලානේ. ආහ්.... ඉන්න හොඳ පාඩමක් උගන්නවා අද...."

ථේ හිනාවෙිව වටේ දුවන්න ගත්තා. එකපාරටම ඔම්මා බඩ අල්ලගෙන බිම වාඩි වුනාම ථේ බය වෙලා ඔම්මා ළඟට දුවගෙන ගිහින් ඔම්මව බදා ගත්තා.

- "ඔම්මා."

- "ආහ්... අප්පා කොහෙද කියලා බලන්න පුතේ. මට කැරකිල්ල වගේ."

ථේ අප්පා අප්පා කියලා හයියෙන් කෑගහන්න ගත්තා. අයිස්ක්‍රීම් අරන් එන්න ගිය මිස්ටර් කිම් අයිස්ක්‍රීම් තුනකුත් අතේ තියාගෙන හිනාවීගෙන එනකොට ථේ කෑගහන සද්දේ ඇහිලා දුවගෙන ආවා.
.
.
.
.
.
.
- At the hospital -

- "oh unbelievable."

- "ඇයි ඩොක්ටර් මොකක්හරි ප්‍රශ්නයක් ද?"

- "ඇත්තටම මේක අදහගන්නත් බෑ මිස්ටර් කිම්. ඔයාගේ wife pregnant"

- "මොකක්?"

●・○・●・○・● - ・○・●・○・●

පලවෙනි කොටස ඔන්න ගෙනාවා. මේ කතාව ටිකක් දිග් වෙයි කමක් නෑ නේද? මං සාමාන්‍යයෙන් වැඩිය දිගට චැප්ටර් ලියන්නෑ. ඒත් මේක 20ට වැඩි වෙයි ටිකක්. චැප්ටර් කොටයි ගාන්න එපා හොදේ. මං නවත්තන්නේ හරිම තැනින්. ඒ වගේම මේක කතාවක් විතරයි හොදේ. Bts අපහස කරනවා කියලා කියාගෙන නම් එන්න එපා. තේරුන් ගන්න පූලුවන් අය විතරක් කියවන්න.

කලින් කවරේ ගැලපෙන්නේ නෑ කියලා හිතුණා. 😁 මේක හොදයිනේ.

මට කියන්න අමතක උනා. මං fb එකේ කිසිම ෂිප් ස්ටෝරයක් දාන්නේ නෑ ලමයි 🙂

✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now