Chaptet 34

1.8K 244 32
                                    

8 month later

- Seoul hospital -

- "ජන්ක් හොසොක්"

- "මම දිහා බලන්න."

- "අනේ මම දිහා බලන්නකෝ."

- "ඔයාට මාව ඇහෙනව ද?"

- "අනේ ඇයි මට මෙහෙම කරන්නේ?"

- "නැගිටින්නකෝ."

hospital trolley bed එකක සිහිය නැතිව රුධිරයෙන් නැහැවී සිටි හොසොක්ව නින්දෙන් අවදි කරන්නට මෙන් උදීෂා එක දිගට කතා කරමින් හැඬුවා. හොසොක්ව වේගයෙන් ඔපරේෂන් තියටර් එක වෙත තල්ලු කරගෙන ගිය ඔවුන් ඉක්මනින් ඔහුට ප්‍රතිකාර සූදානම් වුණේ ඔහු ජීවිතයත් මරණයත් අතර සිටි නිසාවෙනි.
.
.
.

💫💫💫💫💫💫💫💫💫

Se Eol city

3 hours ago

- "හැක්ස් මම ඉස්සරහින් යන්නම් ඔයාලා දෙන්නා පිටිපස්සෙන් එන්න. කිසි සද්දයක් කරන්න බෑ. මං කියනකන් තුවක්කු එලියට ගන්න එපා. හැබැයි තුවක්කු සුදානමින් තියාගන්න."

හිමින් හිමින් අඩි තියමින් තනි කළු හුඩියක් හැඳ සිටි හොබී ඉදිරියට ඇඳි ගිය අතර ඔහුට ඇසුණේ ලී ඉරන ශබ්දයකි. ශබ්දය දෙසට ලී පොලොව මත හිමීට අඩි තබමින් ඉස්සරහට ඇඳුණු හොබි නතර වුණේ රෙස්ලින් රණශූරයෙක්ගේ මෙන් සද්ධන්ත සිරුරක් හිමි හිස බූ ගා සිටි පුද්ගලයෙක් ලී ඉරමින් සිටින අයුරුයි.

- "හ්ම් එහෙනම් ඒ තමුන්. හාහ්......."

කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වා දිගටම ඔහු ඔහුගේ කාර්යය සිදු කරමින් සිටියා. ඉටිපන්දම් එළි පමණක් භාවිතා කර තම රාජකාරිය කරමින් සිටි ඔහුගේ පසුපසින් හිට ගත් හොබි අත් දෙක සාක්කුවට දමා වටපිට බැලුවා.

- "මේක මරු තැනක්නේ. ගෘහ භාණ්ඩ කම්හලක්. හ්ම්ම්... ඒත් ඔහේ කොහොමද මේ වගේ පොඩි බෝම්බ හදන්නේ ආ..?"

හොබි සාක්කුවේ සඟවා තිබූ පොඩි අත් බෝම්බයක් ඇඟිලි දෙකෙන් අල්ලන් හොල්ලමින් ඔහුට කතා කිව්වේ පුදුම උන මුහුණක් පෙන්වමින්. ඒත් එක්කම හොබි දෙසට හැරුණු ඔහුගේ මුහුණ ඉටිපන්දම් එළිය පිහිටෙන් හැමෝටම දැක ගන්න ලැබුණා. මුහුණේ වම් පසින් තිබූ කැළැල මත රුධිරය කැටි ගැසී තිබීම හේතුවෙන් එම කැළැල ඉටිපන්දම් එළියෙන් තවත් හොඳට දිස් වීමෙන් එයින් ඔහුගේ පෞරෂවයට රෞද්‍ර පෙනුමක් ගෙන ආවා.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now