Chapter 20

1.7K 245 12
                                    

(Seoul ​City : 1.00a.m)

- SJ Mafia Gang Head Office -

- "හපොයි දෙයියනේ." 

පාලක පුවරුවේ සේවයේ නියැලිමෙන් සිටින අතරතුර විශාල තිරයෙන් දුටු දේ නෙත ගැටුණු සැනින් ඔහුගේ මුවින් එක්වරම එසේ පිට වී ටැබ් එක අතැතිව මාෆියා නායකයාගේ කාර්යාලය දෙසට දිව ගියේ පිඹගෙන. ඇත්තට මාෆියාවේ නායකයා ඔහු වුනත් ඔහුටත් යම් යම් ගැටලු අවස්ථාවලදි කෙනෙකුගේ පිහිට පැතීමට සිදු වෙනවා. එම තනතුර එසේ මෙසේ කෙනෙක්ට ලබා දිය හැකිද? කොහෙත්ම බැහැ. මුළු මාෆියා ගැන්ග් එකම මොහු යටතේ පලනය උනත් මෙහි මහා මොළකරු වුනේ වෙන කෙනෙක්. ඒ තමයි සොල් නගරයේ ප්‍රධාන මාෆියා කල්ලිය වන SJ Mafia හි ලොක්කගේ නීති උපදේශක ජොන් නම් ජුන්. ඔහුට කිසියම් අනතුරක් සිදු වුවහොත් මාෆියා ගැන්ග් එක වගේම තමනුත් අමාරුවේ වැටෙන බව ඔහු හොඳින් ම දැන සිටියා.

- "බොස් Consigliereට කරදරයක්." 

හැඩිදැඩි පෙනුමකින් යුත් පාලක පුවරුවේ සිට දුවගෙන පැමිණි ඔහු ඔහුගේ නායකයාට එසේ පැවසු වහාම මිලෙන් අධික සැප පහසු අලංකාර කළු පැහැති කැරකෙන පුටුවක වාඩි වී ඇස් පියන් සිටි සොක් ජින් දෑස් විවර කර කෙලින් උනේ පුදුමෙන්. එක ඇහැක් උස්සන් මුහුණේ කිසිඳු සිනහවකින් තොරව ඔහු දෙස බලපු ජින් තරහෙන් බලන් සිටියා.

- "බොස් ජැක්සන් ජෙනීව පැහැර ගෙන. නම්ජුන් බොස් දැන් ඉන්නේ................."

ඔහු ඉතුරු ටික පැවසීමට පෙර අසුනෙන් නැගිට කෝට් එක අඳිමන් දිව්ව ජින්ගේ පසුපසින් ඔහුගේ ආරක්ෂාවට සිටි ආරක්ෂකයන් වගේම තවත් පිරිසක් ඔහු පසුපසින් දිව ගියා. වාහනයට නැග්ග ජින් කිසිම ට්‍රැෆික් ලයිට් එකක්වත් ගැන නොසිතා වේගයෙන් ධාවනය කරන්න උනේ තමා පිටුපසින් එන ආරක්ෂකයන් ගැන දන්න නිසා.
.
.
.
.
.
.
- Old Building -

- "ජැක්සන්..... අද උඹව මං ඉවරයක් කරනවා." 🔫

ඉස්සරහ තිබුණු පරණ ගරා වැටුණු ගොඩනැගිල්ල දිහා බලන් මුළු පළාතම දෙදරන්න කෑ ගහුව නම්ජුන් තුවක්කුව ලෝඩ් කලේ ඇස් දෙක ගිනි පුපුරු මෙන් දැවෙමින්. එහෙමම නැගිට වේගයෙන් අඩිය තියමින් ගොඩනැගිල්ලට ඇතුල් වුන නම්ජුන් කෑ ගහලා කතා කලා.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now