Chapter 16

1.8K 284 60
                                    

- 4.30p.m in the kim's house -

කිම් සමාගමෙන් පිටත් වුන ථේ විනාඩි 45ක් ඇතුලත නිවසට පැමිණියා. හරිම සතුටෙන් සිනා වී නිවසට අඩිය තියනවත් එක්කම මිස්ටර් කිම් ථේ ඉස්සරහට ආවා.

- "ථේ ආවද? කෝ ජන්කුක්?" 

- "ජන්කුක්. මං දන්නෑ අප්පා. එයා මාත් එක්ක නෙමෙයි ආවේ?" 

- "හ්ම්. අද වැඩ වැඩි දවසක් වගේ." ☺

මුකුත් නොකියා කට කොනින් සිනා සී කාමරයට යන්න ගිය ථේ හැරිලා බැලුවේ මිස්ටර් කිම් ඔහුගේ නම පවසනවා ඇහුණ නිසා.

- "ථේ......"

හැරිලා බලපු ථේ මිස්ටර් කිම් දෙස බලා සිටියා.

- "උදේ මං කියපුවා මතකයිනේ. කිසිම වැරැද්දක් වෙන්න බෑ. හොදේ." 

අත මිට මොලවගත් ථේ තරහෙන්ම ඔලුව සොලවා එතනින් ඉක්මනට තමන්ගේ කාමරය වෙතට වේගයෙන් අඩිය තිබ්බා.
.
.
.
.
.
.
- Tae's room -

වේගයෙන් කාමරයට ආව ථේ තරහෙන් දොර වසා දමා අත මිට මොලව ගත්තත් එක්කම ථේගේ දෑස් රතු වුනේ ගිනි මකරෙක්ගේ මෙනි. මිස්ටර් කිම් නැවත නැවතත් තමන්ව විශ්වාස නොකර ජන්කුක්ව විශ්වාස කරන එක ථේව දැඩි ලෙස තරහ ගැස්සුවා.

- "ඇයි? ඇයි අප්පා මාව විශ්වාස නොකරන්නේ?" 
.
.
.
.
.
.
(This morning)

- Kim's house -

උදෑසනින් කිම් සමාගමට යන්න ලක ලෑස්ති වී පහළට ආව ථේට මුණ ගැසුණේ බැරෑරැම් මුහුණකින් සෝෆා එකේ වාඩි වී තමන් එනකම් බලා සිටින තම පියාණන්ව.

- "අප්පා."

- "ජන්කුක්ට ඕනේ jeon company එකේ project එක තමුන්ට භාර දෙන්න. මගේ නම් කිසිම කැමැත්තක් නැහැ තමුන් මේක කරනවට. ඒ නිසා තමුන් අද ජන්කුක් ඇහුවම මේ ගැන බැැහැ කියන්න ඕනේ." 

- "මොකක්ද?" 

- "ඔව් තමුන් මේ project එක කරන්න බැහැ. මට බැහැ මේ ලැබුණු අවස්ථාව නැති කරගන්න ථේ. ඔයා මේකට අකමැති වෙන්න ඕනේ. තේරුණාද?" 

- "හරි" 

ඇස් ලොකු කරන් මිස්ටර් කිම් දෙස බලා සිටි ථේගේ දෑස්වලට කඳුළු පිරුණේ නිරායාසයෙන්. දෑසෙන් වැටෙන්න දඟලන කඳුළු තද කරගන්න උත්සාහ කරගත් ථේ මිස්ටර් කිම්ට ඉක්මනටම ප්‍රතිචාර දක්වා දොරත් ඇරන් එළියට දිව්වේ කාර් එක ළඟට.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now