Chapter 21

1.7K 251 29
                                    

(Back to the present)

- Jimin's house -

තමන්ගේ ජීවිතේ උඩු යටිකුරු වුන ඒ දවස පින්තූරයේ හරිම ලස්සනට සිනාවී සිටින තම බිරිඳගේ දෑසෙන් මැවී පෙනෙද්දි නම්ජුන්ගේ දෑස් අගින් කඳුළු බිංදු නොනවත්තවා ඇඳ හැලුනේ් හදවත සිය දහස්වාරයක් රිදුම් දෙද්දි. පින්තූරය තම දකුණතින් සිමින් පිරිමදිමින් සිටි නම්ජුන්ට එක්වරම පිටුපසින් උණුසුම් ස්පර්ශයක් සමඟ තම ඉණ වටා එතුණු අත් දෙකක් නිසාවෙන් නම්ජුන් මදක් ගැස්සි ගියත් ක්ෂණිකයෙන් එම දෙඅත් හි හිමිකරු ඔහු හඳුනාගැනීමෙන් ඇස් අග වැටෙන්න දඟලන කදුළු බිංදු හිමින් පිහදැම්මා.

- "ඩෑඩ්." 

- "ජිමින්. අපි යමු එහෙනම් පරක්කු වෙනවනේ."

- "ඩෑඩ්?"

- "හ්ම්."

- "ඔම්මාත් එක්ක හ්යුන්ග්උත් ඉන්නවනේ ඩෑඩ්. ඉතින් ඔම්මයි හ්යුන්ග්උයි සතුටින් එහේ ඉඳන් අපි දිහා බලන් ඉන්නවා ඇති. අපි අඬනකොට එයාලට දුක හිතෙයි. ඒ නිසා අඬන්න එපා ඩෑඩ්." 

ජිමින් තමන්ගේ දෑසෙන් වැටෙන්නට දඟලන කඳුළු නවතා දමන්නට උත්සාහ කරමින් එසේ පැවසුවත් ඔහු එයට ප්‍රමාද වුණා. ජිමින්ගේ කම්මුල් සිප ගනිමින් කඳුළු බිංදු පහතට රූටා ගියා.

- "ඔයාට තියෙන්නෙත් ඔම්මට වගේම හොඳ හදවතක් ජිමින්. ඔයා එයා වගේමයි."

ජිමින්ගේ කම්මුල් තෙත් කරමින් ඇඳෙන කඳුළු හරිම පරිස්සමට ආදරයෙන් තම දබරඇඟිල්ලෙන් පිස දැම්ම නම්ජුන් ජිමින්ගේ හිස අත ගෑවේ ඔහුගේ ඇස් අඟ තෙත් වී ඉදිරිය බොඳ වී යද්දි.

- "ඒත් ඩෑඩ්... ඩෑඩ් නම් කිව්වේ ඔම්මට කේන්ති යන්නෙම නෑ කියලා. මට කේන්ති යනවනේ. මට හිතෙන්නේ හ්යුන්ග් නම් ඔම්මගේ කපාම පලුව වෙන්න ඇති." 

ජිමින් මූණත් හද හද එලෙස පැවසුවම නම්ජුන්ගේ මුහුණ තවත් අඳුරු උනේ නිරායාසයෙන්.

- "ඇයි ඩෑඩ්? අනේ සමාවෙන්න. මට එහෙම......."

- "මං ඔයාගේ හ්යුන්ග්ව දැක්කේ නෑ ජිමින්."

- "මොකක් ද? ඒක කොහොමද වෙන්නේ? හ්යුන්ග් ඉපදේදිම නැති වුනා නම් එයාගේ බොඩි එක ඩෑඩ් දැක්කේ නැත්තේ කොහොමද?"

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Kde žijí příběhy. Začni objevovat