Chaptet 23

1.8K 258 20
                                    

- At the hospital -

මීට සුළු මොහොතකට පෙර තද සුළං හමමින් ගිගුරුම් සහිත වැසි බර කාලගුණයක් පිටත පැවතියත් මිස්ටර් කිම් හොස්පිටල් එකෙන් පිටතට දිව එනවත් එක්කම එය නතර වුණේ ජන්කුක්ට දෙවියන්ගේත් ආරක්ෂාව තිබෙන බව හඟවන්නාක් මෙනි. කෙසේ හෝ කාලය කෙමෙන් කෙමෙන් ගත වී ගියත් මිස්ටර් කිම්ගේ ප්‍රමාදවීම ජන්කුක්ගේ සෞඛ්‍යට හොඳක් නම් වුණේ නැහැ. ඩොක්ටර් මින් සහ මිසිස් කිම් හොස්පිටල් එකේ බිත්තියේ එල්ලා තිබූ ඔරලෝසුව නිතරම බලමින් ව්‍යාකූල වී සිටියා. ජන්කුක් වාසනාවන්ත වෙයිද? ඔහුගේ ජීවිතය ගැලවෙයිද? ඔහුට ජීවත් වීමට උපවමනාවක් තිබේද? කාටත් එයට පිළිතුරක් නොදීම ඔහු යාමට සැරසෙනවද?

ටික් ටොක්.... ටික් ටොක්.......... ⏰

තත්පර කට්ට කෙමෙන් කෙමෙන් කැරකි පැයක් ගත වුණා. නමුත් මිස්ටර් කිම්ගේ හෙවනැල්ලවත් පේන්න නැහැ. මේ අතර බිත්තියට මුවා වී හොරෙන් බලා සිටින ථේ හියුන්ගේ හදවතත් වේගයෙන් ගැහෙන හඬ ඔහුටත් හොඳින්ම ඇසුණා. තම අත්ලෙහි බැඳ තිබෙන ඔරලෝසුවට තත්පරයෙන් තත්පරය දෑස් යොමු කරන ථේ පවා මිස්ටර් කිම් එනතුරු බලා සිටියා. ඔහුගේ වෛරය යටපත් වෙලාද? එසේ නැතිනම් ජන්කුක් මැරෙනතුරු බලා සිටින ථේ හට දැන් අවශ්‍ය ඔහුව බේරගන්නද?

ටික් ටොක්.... ටික් ටොක්.......... ⏰

- "එයා එනවා. එයා එනවා ඩොක්ටර්."

ඔව්.... මිස්ටර් කිම් හරියටම වෙලාවට පැමිණියා. තම ස්වාමීයා කඩාගෙන බිඳගෙන සිනා මුසු මුහුණෙන් තමා දෙසට වේගයෙන් දුවමින් එන අයුරු දැක මිසිස් කිම්ගේ දෑස් අගින් කඳුළු නොනවත්වා ඇඳ හැලුණා. මෙවෙලෙහි මිසිස් කිම් පවා ප්‍රාර්ථනා කරා ජන්කුක් ජීවත් වන්නට කියා. ඇය ජන්කුක්ට වෛර කල බව සත්‍යයක්. නමුත් ඇයට අවශ්‍ය වුණේ නැහැ ජන්කුක්ගේ මරණය දකින්නට.
.
.
.
.
.
.
- In the morning -

සැත්කම සාර්ථකව අවසන් වූ පසු ජන්කුක්ව ගෙනෙවිත් දැමු කාමරය නිශ්ශබ්දතාවයෙන් ගිලිහුණා. මිසිස් කිම් සහ මිස්ටර් කිම් ජන්කුක් සිටි කාමරයෙන් පිටත ඩොක්ටර් සමඟ කතා බස් කරමින් සිටියේ ඔහු අවදි වනතුරු. කාමරය තුළ ඇඳේ සිහිනැතුව නිදා සිටි ජන්කුක් කෙමෙන් කෙමෙන් දෑස් විවර කර වටපිට බලමින් හිමින් ඇඳ වට්ටමට වාරු දී ඇඳ මත වාඩි වුණා. ටික වෙලාවකට පසු ජන්කුක්ගේ දෑස් කඳුළින් බර වී කම්මුල් තෙත් කරමින් ඇඳ හැලුණු කඳුළු ඔහුගේ කලිසම මතට වැටුණේ තමන්ට සිද්ධ වුණ නරකම දේ මතකයට නැඟෙමින්.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now