Chapter 22

1.7K 272 20
                                    

- Taehyung room -

නින්දත් නොනිද්දත් අතර සිටි ථේ ඇඳ වටේම කැරකි කැරකි කොට්ටෙන් මූණ වසාගෙන සිටියා. මොනම අතටවත් නිදා ගන්න අපහසු වුන ථේ ඇඳේ දණ ගසා වාඩි වෙලා කල්පනා කලේ මොකද මේ කියලා.

- "ආයිෂ්... මට නිදි මතයි. ඒත් නින්ද යන්නේ නැත්තේ ඇයි?" 

ඒත් එක්කම තම දුරකථනය නාද වෙනවා ඇසුනයින් ථේ මූණත් ඇඹුල් කරන් ෆෝන් එක අතට අරන් බැලුවේ කවුද මේ මහා රෑ තමන්ට කෝල් කරන්නේ කියා සිතමින්.

- "ථේ පුතේ හ්යුන්ග්ට කරදරයක් වුණා. අපි දැන් හොස්පිටල් එකේ ඉන්නේ. පුතා කලබල වෙන්න එපා. පුතාට එන්න පුලු....."

- "හෝව් හෝව් හෝව්.... මේ මොර සූරන වැස්සේ මට එන්නද කියන්නේ. මට බෑ." 

- "පුතේ ඔයාගේ හි.........." 

තරහින් පැවසු ථේ මෑණියන්ට කිසිවක් පැවසීමට ඉඩ නොතිබමින් දුරකථනය විසන්ධි කලා.

- "මොන විකාරයක් ද? ඔය යකාට මොනවා වුනත් මට මොකද? පුහ්............ මළ විකාර" 

එසේ තමාටම ඇසෙන සේ තරහින් මූණත් හදන් පැවසු ථේ කාමරේ ජනේලෙන් එළිය බැලුවම ඔහුට අමුතුම සීතලක් සමඟ ඔහුගේ ඇඟ හිරී වැටී යන්නට උනා. පිටත මොර සූරන වැස්ස සමඟ අකුණු ගසන එළියෙන් කාමරය විටෙන් විටෙන් එළිය උන අතර ථේගේ අත පය මදක් වෙව්ලන්න වුණා. දකුණතින් වම් අත උඩ අත තියා තද කරගත්ත ඔහු ඇස් පියන් නැවතත් මුණින් අතට ඇඳට පෙරලුණේ නිදා ගන්න. නමුත් ඔහුට මෙවරත් නිදා ගැනීමට අපහසු වෙමින් හුස්ම ගැනීම පවා ඔහුට අපහසු වුණා. ඔහු තමාටම සිතින් බැන බැන කොට්ටයට අතින් පහර දෙන්න ගත්තා.

- "ආහ්.......... ජන්කුක්.... තමුන් මැරෙනවා........................." 

එම වදන් ඔහුගේ මුවින් පිටවෙනවත් එක්කම ඔහුගේ දෑස් කඳුලින් තෙත් වෙමින් කම්මුල් දිගේ පහළට වැටී කොට්ටය සිප ගත්තා. ඒත් ඒ කුමක් නිසාද යන්න ඔහුටවත් තේරුනේ නැහැ. ඒ ගැන ඔහු සිතුවේවත් නැහැ. ඔහුගේ පළිගැනීම, වෛරය පමණක්ම හිත ඇතුලේ දැවෙමින් තිබුණා. තමන්ට අකීකරු වෙමින් ඔහුගේ කම්මුල් තෙමන කඳුළු කැට ගැන ඔහු එක තත්පරයක් හෝ සිතුවා නම් ඉදිරිය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ජන්කුක්ගේත් ථේ හ්යුන්ගෙත් අනාගතය වෙනස් වන්නට තිබුණා. නමුත් දෛවය හරිම කුරිරුයි. විඳවීම, වෛරය ඔවුන්ගේ ජීවිතයේ දළු දමමින් ඉස්සරහට ඇඳී යද්දි සැඟවුණු ආදරය තව තවත් යටපත් වෙමින් නොපෙනී යන්නට වුණා. 

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now