Chapter 25

1.8K 227 49
                                    

- At the coffee shop -

සුපිරි පන්තියේ කොෆි ෂොප් එකකට ඇතුලු වුන ජිමින් සහ ඔහුගේ පෙම්වතා වන මින් යුන්ගි ෂොප් එකේ කොනම තිබුණු ටේබල් එකකට ගොස් වාඩි වුණේ එය අනිත් අයගෙන් වෙන්ව නිදහසේ ජනේලය අසල කොනකට වෙන්න තිබූ නිසා. තම සාක්කුවේ තිබූ ෆෝන් එක අතට ගත් ජිමින් වේලාව බැලුවේ ඔවුන් කියූ වෙලාවට කලින් පැමිණි ඇති දැයි පරීක්ෂා කිරීමට මෙනි. නමුත් වෙලාව බැලීමෙන් අනතුරුව ඔහුට දැක ගන්නට ලැබුණේ ඔවුන් නියමිත වේලාවට කොෆි ෂොප් එකට පැමිණ ඇති බවයි. ටික වෙලාවකට පසු ජිමින් සහ මින් යුන්ගි වාඩි වී සිටි ටේබල් එක අසලට තරමක් උසින් යුත් පැහැපත් සමක් තිබූ කඩවසම් ප්‍රියමනාප පෙනුමෙන් යුත් තරුණයෙක් විත් සිට ගත්තා. බැලූ බැල්මට ඔහු මෙහි සේවය කරන වේටර්වරයෙක් කියා සිතිය හැකි පරිදි සුඳු පාටින් යුත් නිල ඇඳුමෙන් සැරසි සිටියා. මුහුණේ සිනහවක් සමඟින් පැමිණි ඔහුට යුන්ගි ඇණවුම් කල දෙය තම අතේ තිබූ පොඩි පොතේ සටහන් කරන අතරතුරත් ජිමින්ගේ දෑස් දොර අසල නතර වී තිබුණා. යුන්ගි කොෆි තුනක් පමණක් ඇණවුම් කලේ ඔවුන්ව අද හමුවෙන්න පැමිණෙන අමුත්තාටත් සමඟිනි. වේටර්වරයා එතනින් පිටව ගියාට පසුවත් අතේ තිබූ ඔරලෝසුව කරකවමින් වේලාව බලමින් නිතර නිතර ෂොප් එකේ දොර දිහා බලන ජිමින් දෙස යුන්ගි සිනා මුසු මුහුණෙන් බලා සිට පුටුව පසට හේත්තු වී අත් දෙක බැඳගත්තේ මොහොතකටවත් ජිමින්ගේ දෑසෙන් ඈත් නොවී.

- "ජිමින් පැටියෝ සන්සුන් වෙන්න. එයා මඟ එන ගමන් ඇති."

යුන්ගි සිනහවකින්ම පැවසුවත් ජිමින් කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වාම මාරුවෙන් මාරුවට ඔරලෝසුවත් දොරත් දිහා බලාගෙන සිටියා පමණයි. ජිමින් මෙතරම් උනන්දුවෙන් එනතෙක් බලා සිටින්නේ කාවද? ජිමින්ගේ කලින් පෙම්වතියවත් ද? නැහැ නැහැ. ඇය තමයි ජිමින්ගේ කොලේජ් යන කාලේ අතිජාත මිතුරිය වුන උදීෂා. ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන ශ්‍රී ලංකාවේ තරුණියක් වන ඇය කොරියාවට ගියේ වැඩිදුර අධ්‍යාපනයට. ඒ ආව උදීෂා කොරියාවේ කෝලේජ් එකකට ඇතුලත් වී ජිමින්ව දැන හඳුනගෙන කතා කර අවසානයේ දී හොඳම මිතුරන් බවට පත් වුණා. මසකට පෙර අහම්බෙන් සෝල් හොස්පිටල් එකේදී දැක්ක තම මිතුරියව හඳුනාගන්න ජිමින්ට තත්පරයක්වත් ගියේ නැහැ. අවුරුදු ගාණකට කලින් වෙන්ව ගිය මිතුරියව දැක්ක ජිමින්ගේ සිතට දැනුණු සතුටට තම පෙම්වතා ළඟ සිටින බවත් අමතක වී දුවගොස් ඇයව බදාගත්තා. අවුරුදු ගාණකට කලින් වෙන්ව ගිය හොඳම මිතුරන් දෙදෙනා නැවතත් අහඹුලෙස හෝ මෙලෙස මුණගැසුණම කාටද සතුටු නැත්තේ? ජිමින්ට ඇය දුටුවම උන් හිටි තැනුත් අමතක වී ආගිය තොරතුරු කතා කරමින් සතුටු සාමිචියේ යෙදුණා මිස පැය ගාණක් යනතුරුම ඔහුට යුන්ගිව අමතක වී තිබුණා. කතා කරන අතරතුරදි තමන් දිහත් ජිමින් දිහත් ඔරවන් ටිකක් එහාට වී බලන් සිටින පුද්ගලයා කවුරුන්ද කියා ඇහුවමයි ජිමින්ටත් මතක් වුනේ තමන් මෙහි ආවේ තනියම නොව තම පෙම්වතාත් සමඟින් බව. එදා දවසෙම ඒ කුරුලු ජෝඩුව එක යුද්ධයයි. යුන්ගි දවසෙම කතා කලෙවත් නැහැ. ඔරවන්ම ජිමින්ව මඟ හැර හැර හිටියා. යුන්ගිව යාළු කරගන්න ජිමින් නොකරපු දෙයක් නැහැ. එක එක උප්පරවැට්ටි දැම්මත් ඒ කිසිම දේකින් පලක් නැති වෙනකොට අවසානයේ දී ජිමින් අවසාන තුරුම්පුව විදිහට යුන්ගිව තමන්ගේ කාමරයට එක්කගෙන ඇවිත් තමන්ගේ සිරුර අතර මැදි කරගත්තා. සෑම උපායකින්ම මෙම උපාය පමණක් වැඩ කරමින් ජිමින් එදා රාත්‍රියේ තමන්ගේ පෙම්වතාගේ සිරුර යටට වී කෙඳිරිගාමින් සුන්දර රැයකට පසුව නැවතත් යුන්මින් ලස්සන කුරුලු ජෝඩුවක් වී එකතු වුණා.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now