Chapter 28

1.6K 236 62
                                    

- SJ Mafia Gang Office-

- "ජිමින් කොහෙද?"

හති දාගෙන දුවගෙන ආපු උදීෂා කවුද කින්ද මන්ද කොහෙද කියලවත් බලන්නේ නැතුව දොර ඇරගෙන ඇතුලට ඇවිත් එතන පාලක පුවරුව දෙස බලාගෙන හිටපු පුද්ගලයාගෙන් ඇහුවම ඔහු පමණක් නොවේ එතන හිටපු හැමෝම අන්දුන් කන්දුන් වී ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටියා.

- "උදී ඔයා? ඔයා මොකද මෙහේ?"

පාලක පුවරුවේ සිටි පුද්ගලයා ගැස්සිලා ගියත් ක්ෂණිකයෙන් ඇය කවුරුද යන්න අහන්න මුව විවර කරනවත් එක්කම පොතකුත් අතේ තියාගෙන ලොලි පොප් එකක් කමින් එතනට ආපු හොබි ඇහුවා.

- "මට කියන්න කොහෙද ජිමින්?"

- "උදී කලබල කරන්න එපා. මොකක් ද වෙලා තියෙන්නේ? ඇයි මේ......."

- "මට ඔහෙත් එක්ක කතා කරන්න වෙලාවක් නෑ. ඉක්මනට කියනවා කෝ මගේ යාළුවා ජිමින්?"

උදීෂගේ කතාවට අත මිට මෙලවුනු හොබි තමන්ගේ තරහව පාලනය කරගන්න උත්සාහ කරමින් ලොලි පොප් එක හයියෙන් හැපුවා. කෑලී කෑලිවලට කැඩුණු ලොලි පොප් එක තරහෙන්ම හප හප කෝටු කෑල්ල කුණු කූඩෙට විසික් කරපු හොබි උදීෂා ළඟට පිය මැන්නේ තරහෙන් නමුත් හිමින්.

- "එයා මෙතන නෑ."

- "බොස් ජිමින් ආවා. එයා පහළ ඉන්නේ."

- "What?"

පුදුමෙන් හැරිලා බලපු හොබි එහෙම අහද්දි උදීෂා උඩ බලන් නෝක්කාඩුවට තොල උඩට කරලා පිම්බේ තමන්ගේ නළලේ වැටිලා තියෙන කොණ්ඩෙට වැදි දෙපැත්තට විහිදෙන ලෙස.

- "මාෆියා බොස් දන්නේ නෑ තමන්ගේ තැන ඉන්නේ කවුද කියලවත්. හාහ්......."

හොබිට තරහ ආවත් වුනේ හොබීගේ ඇස්වල කඳුළු පිරුණු එක. 

ඒත් ඒ ඇයි කියලා පාඨක ඔබ හිතනවා ඇති. හොබි කියන්නේ SJ Mafia Gang එකේ හිටපු ලීඩර් වන ජින්ගේ එකම පුතා. ජින් දැන් විවේක සුවයෙන් ඉන්න නිසා හොබිට සිද්ද වුණා අවුරුදු 3කට කලින් SJ Mafia Gang එකේ ලීඩර් බවට පත් වෙන්න. හොබි ගොඩක් විනෝදකාමී චරිතයක් වුනත් ජින්ගේ මග පෙන්වීම යටතේ ඔහුත් අවි ආයුධ අතට ගත්තා. නමුත් ඔහුගේ හිත නම් හරිම මෘදුයි වගේම ගුණ යහපත් සරල පුද්ගලයෙක්. ජෙනිගේ මරණෙන් පස්සේ රටින් පිටවුන හොබි ඇමරිකාවේ කොෆි ෂ=ෂොප් එකක් කරගෙන සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න තීරණය කලේ ජින්ගේ ඕනකමට. නම්ජුන්ගේ සිද්ධියෙන් පස්සේ ජින් හොබි ගැන බය වුණා. ජැක්සන් එදා මැරුණත් ඔහුගේ දකුණු අත වගේ හිටිය මාර්ක් හොබිගේ පස්සෙන් එයි කියන බයට ඔහුව ඇමරිකා යුනිවසිටි එකකට යැව්වා. ඒ වෙනකොට හොබි අවුරුදු 16ක පොඩි කොලු ගැටයෙක් වුනත් දැනුමෙන් ඉහළ මට්ටමක හිටිය හොබි නම්ජුන්ගේ වැඩවලට හොර රහසේ උදව් කලේ ජින්ටත් හොරෙන්. ජින් නම්ජුන් සමඟ අමනාප වෙන්නත් මේ සිද්ධිය මුල පිරුවා. අවුරුදු 16කට පස්සේ හොබි නැවතත් කොරියාවට ආවේ වෙනස්ම කෙනෙක් බවට පත් වෙලා. ඔහුට උවමනා වුණා ජින්ගේ Mafia Gang එකට තමන් එහෙදි ඉගෙන ගත්ත දේවලින් උදව් කරන්න. නමුත් එදා හොබි තමන්ගේ ගෙදර නොයා මුලින්ම ගියේ නම්ජුන්ගේ ගෙදර.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now