Chapter 05

2K 294 12
                                    

🐯 ආයිෂ්... අප්පා ඇයි මට මෙහෙම කරන්නේ? ජන්කුක්... මොකක්ද... මොකක්ද එයාගේ තියෙන විශේෂත්වේ මට වඩා. අහ්...

එකපාරටම රෑ කෑම මේසේදි මිස්ටර් කිම් කියපු දේට ක්ෂණිකයෙන් විරුද්ධත්වයක් පෑව ථේ තරහෙන් පුටුව පිටිපස්සට තල්ලු කරලා නැගිටලා කාමරේට දිව්වා. අත මිට මොලවන් තරහෙන් කාමරේ ඇවිද ඇවිද හිටපු ථේට නින්ද අහලකවත් තිබුණේ නෑ. මේ අතර තාමත් පහළ කෑම මේසේ වාඩි වෙලා උන දේ හිතා ගන්න බැරුව ඉන්න ජන්කුක් දිහාවට නැගිටලා ආපු මිස්ටර් කිම් ජන්කුක්ගේ පුටුවෙන් එහා පැත්තේ වාඩි වුණා. වාඩි වෙලා ජන්කුක්ගේ පිටට අත තියන් ජන්කුක් දිහා බලන් මිස්ටර් කිම් කතා කලා.

- "පුතේ ඔයා මේ තීරණේට විරුද්ධත්වයක් නෑ නේද?"

ජන්කුක් ඇස්වල කදුළු පුරවන් බිම බලාගෙන හිටියේ තමන්ගේ කදුළු අප්පා දකින්නේ නැති වෙන්න. ඒත් මිස්ටර් කිම් ඇවිත් තමන්ගේ ළඟින් වාඩි වුනාම ඉක්මනට අතින් කදුළු පිහිදගත්ත ජන්කුක් වතුර එක අතට අරන් බොන්න ගත්තා. ඒත් එක්කම මිස්ටර් කිම් තමන්ගේ පිටට අත තියනවා දැනුන ජන්කුක් හිමීන් ඔළුව උස්සලා තමන්ගේ අප්පගේ මූණ දිහා බලලා දිගු හුස්මක් ඉහළට අරන් පිට කලේ ලොකු බරක් නිදහස් කලා වගේ. ඒත් ආයෙත් ඒ බර තමන්ගේ වටේ කැරකෙනවා දැණුන ජන්කුක් මිස්ටර් කිම්ට කිසිවක් නොපවසා ඔහුට උපතින්ම හිමි ලස්සන බනී ස්මයිල් එකෙන් සංග්‍රහ කරමින් එතනින් නැගිටලා තමන්ගේ කාමරේට ගමන් කලා.
.
.
.
.
.
.
- Ten minutes ago in the kitchen -

- "හෙට මං හිතන් ඉන්නේ kim company එක ජන්කුක්ගේ නමට ලියන්න."

මිස්ටර් කිම් එකපාර කියු දෙයින් කකා හිටපු ථේටත් ජන්කුක්ටත් කාපු කෑමත් හිර වෙලා කහින්න පටන් ගත්තා. මිසිස් කිම් ඇසුත් ලොකු කරන් කටත් බාගෙට ඇරන් මිස්ටර් කිම් දිහා බලන් හිටියේ එයාට ඇහුණ දේ හීනයක්ද හැබෑවක්ද කියලා විශ්වාස කරන්න බැරුව වගේ.

- "මොකක්? අප්පා ඔයා විහිළු කරනවද?"

- "ථේ මං මොකටද විහිළු කරන්නේ? ඔයාගේ අයියට company එක ලැබෙන එකට ඔයා හරි නම් සතුටු වෙන්න ඕනේ."

- "හනී. කුකි හැමදේම හොඳට බලාගන්නවා තමයි. ඒත් ඒත් මේ තීරණේ ගන්න කල් වැඩියි වගේ නැද්ද?"

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now