Chapter 09

1.8K 283 66
                                    

සුදු පාටින් වර්ණවත් කර තිබු බිත්ති හතරේ අයිනට වෙන්න තිබූ ලී වලින් තැනු ලොකු මේසය ඉස්සරහට ඇවිද ගිය ජිමින් සහ සුගා මේසය ඉස්සරහින් තිබුණු සැප පහසු පුටු දෙකේ වාඩි වුණා. ථේව එළියට ඇදලා දාපු ජන්කුක් දොර වහනවත් එක්කම දොරට අත තියලා සැනසුම් සුසුමක් පිට කලේ තමන්ටම දොස් කියමින්.

🐰 මට එහෙම නොකර ඉන්නයි තිබ්බේ. 

ක්ෂණිකයෙන් මුහුණේ තිබුණු දුක් මුසු පෙනුම වෙනස් කර ව්‍යාජ හිනාවක් මවාගත් ජන්කුක් තම කාර්යාල මේසය ළඟට ඇවිද ගිහින් තම පුටුවෙන් වාඩි වුණා.

- "මට සමාවෙන්න Mr. ජොන්." 

- "ආහ් ඒකට කමක් නෑ. මට ජිමින් කියන්න." 

- "හ්ම්... මේ ඔයයි ථේයි කොහොමද දන්නේ?" 

- "අපි දෙන්නම ගියේ එකම ඉස්කෝලේට. ඒත් එයා මට පහළ පන්තියේ හිටියේ. නමුත් ඉස්කෝලේ නොදන්න කෙනෙක් නෑ. හරිම චණ්ඩියා. ඒත් ඔයා නම් එහෙම නෑ වගේ. ඇත්තටම මං පුදුම වුණා. කොහොමද ඔය දෙන්නා සහෝදරයෝ වුණේ?" 

- "ඔව් එයා ටිකක් මුරණ්ඩුයි තමයි. ඒත් හදවතින් එයා හරිම මෘදු කෙනෙක්." 

ජිමින් දෙස බලා ජන්කුක් ලස්සනට සිනහ වෙමින් එලෙස පැවසුවම ජිමින්ට හිනා යන්න ආවත් එය අමාරුවෙන් ඔහු වළක්වගත්තේ ජන්කුක්ගේ සිත රිදේවී යැයි සිතුණු නිසා. 

🐥 මුරණ්ඩු.... හාහ්... මං හිතන් නෑ ජන්කුක් ඔයා සහෝදරයා වුනත් මං දන්න තරම්වත් ඔයා ථේ ගැන දන්නවා ඇති කියලා. 

ජිමින්ගේ යටි සිතින් ථේව මතක් වී සමච්චලේට සිනා සුනු අතර ජන්කුක් තමන් දෙස බලන බව දුටුවයින් ඉක්මනින් ඔහුගේ මුහුණේ Expression වෙනස් කලේ හරියට කාලගුණය වගේ. ජන්කුක් සමඟ පැය තුනකට ආසන්න කාලයක් ව්‍යාපාර සම්බන්ධව කතා බස් කරමින් සිටියදී ඔවුන් දෙදෙනා හොඳ මිතුරන් බවට පත් වුණා.

- "ඔයාට ස්තූතියි ජිමින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න තීරණය කලාට." 

- "ආහ් එහෙම කියන්න එපා. ඇත්තටම ඔයා ගොඩක් හොඳ කෙනෙක් අවංක කෙනෙක් කියලා සුගා කිව්වත් දැන් නම් මට ඒක ගොඩක් හොඳටම තහවුරු වුණා. ඒ වගේම ඔයා හරිම සරල කෙනෙක්."

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now