Chapter 18

1.7K 259 37
                                    

( At 2 a.m)

Kim's house -

ටික් ටොක් ටික් ටොක්....... 🕑

මිස්ටර් කිම් අතේ ඇඟිලි එකට අතුල්ලමින් කලබලයෙන් සාලේ එහාටත් මෙහාටත් සක්මන් කරමින් වෙලාව බැලුවා. පාන්දර 2 කණිසම වැදෙනවත් සමඟම මිස්ටර් කිම්ගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තේ තම පුතු ජන්කුක් තවමත් ගෙදර නොපැමිණීම නිසා.

- "මේ දරුවා කොහෙද ගියේ?" 

සක්මන් කරමින්ම තමන්ට ඇසෙන සේ එසේ මිමිණු මිස්ටර් කිම් නැවතත් බිත්තියේ එල්ලා තිබූ අලංකාර ලියවැලකින් මෝස්තර කර තිබූ ඔරලෝසුව දිහා බැලු සැනින් මිස්ටර් කිම්ගේ දෑස් විසල් වුණේ මෙතරම් ඉක්මනට විනාඩි 5කුත් ගොස් ඇති නිසාවෙනි. හදවත වේගයෙන් ගැහෙනකොට මිස්ටර් කිම්ගේ උගුර වේලී යන බව දැනුණා. නොසන්සුන් වෙලා ඉන්න මිස්ටර් කිම් දෙස මෙතරම් වෙලා සෝෆා එකේ වාඩි වී බලා සිටි මිසිස් කිම් නැගිට හිමින් තම සැමියගේ අතින් අල්ලා ඔහුව සන්සුන් කරන්න වෙහෙසුණා.

- "පුතාට අද වැඩ වැඩි වෙලා ඔෆිස් එකේම නින්ද යන්න ඇති හනී. කලබල වෙන්න එපා. ඔයාට ඒක හොඳ නෑ,"

- "ඔයා කොහොම ද හයෝ ජින් ඔහොම ඉන්නේ?" 

මිස්ටර් කිම් නොරිස්සුම් හඬින් එසේ පවසා තම අත මත තිබූ බිරිඳගේ අත පහළට දැම්ම මිස්ටර් කිම් නැවතත් සාලේ එහාට මෙහාට සක්මන් කරමින් අත් දෙක එකට අතුල්ල අතුල්ල ඔරලෝසුව දිහා බැලුවා. ඔරලෝසුවේ තත්පර කට්ට ටික්... ටික්.... නගන හඬ ඇසෙන වාරයක් පාසා මිස්ටර් කිම්ගේ හදවත තව තවත් බයෙන් ගිලුණා. හදවත වේගයෙන් ගැහෙන වාරයක් වාරයක් පාවා තම පුතුට කුමක් හෝ අනතුරක් වෙලාද යන බිය තව තවත් ඔහුගේ සිතිවිලි අතර උඩු දුවමින් ඔහුව ඔහුගේම සිතිවිල්ල තව තවත් ඔහුව බිය ගැන්වූවා. ෆෝන් එක අතට ගත් මිස්ටර් කිම් ජන්කුක්ට කතා කලත් මෙවරත් ඔහුට ලැබුණේ එකම පිළිතුරයි.

📴 [ඔබ ඇමතු ග්‍රාහකයා මේ මොහොතේ සම්බන්ධ කල නොහැක. කරුණකර පසුව අමතන්න.]

- "මට ජන්කුක් ගැන බයක් දැනෙනවා හයෝ ජින්. ථේ කිව්වේ ජන්කුක් එයාට project එක යේ ජින් ගෙන් ගන්න කිව්වට පස්සේ එයා ජන්කුක්ව දැක්කේ නෑ කියලා. ෆෝන් එක වැඩ කරන්නෙත් නැහැ." 

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now