Chapter 33

1.5K 226 11
                                    

At the night

- Jungkook's room -

නිවසට පැමිණි විගස කාහටවත් කෑමට කිසිඳු ප්‍රියක් නොදැනීමෙන් සියල්ලන්ම තම තමන්ගේ කාමර කරා පිය මැන්න අතර ථේ කුකීගේ ඩයරියත් රැගෙන කුකීගේ කාමරයට ගියා. ජීවිතයේ පළමු වතාවට කුකීගේ කාමරය දෙස හොඳින් පරික්ෂකරිව බලමින් බැලුවේ මුහුණේ වේදනාත්මක සිතිවිලි ගොන්නක් එක් රැස් වෙමින් පපුව රිදුම් දෙද්දි. කුකීගේ අල්මාරිය, ඇද, මේසය එකින් එක අල්ලමින් ඔහුගේ මතකයන් වල රස විඳින්නට උන ථේ කුකීගේ මේසය උඩ තිබු පින්තුරයක් අතට ගෙන එය දෙස බලා සිටියේ දෑස් අගින් වැටුණු කඳුළු බිංදුවක් එම පින්තූරයේ සිනාමුසු මුහුණෙන් සිටි ජන්කුක්ගේ කම්මුලක් මතට වැටිද්දි. ඔවුන් දෙදෙනාගේ කුඩා කල එකට ගත් පින්තූරයක් වුන එය ලස්සනට frame කර තිබුණා. සිනහවෙමින් ජන්කුක් සිටියත් කැමරාවට ඔරවගෙන සිටි ථේ අහක බලාගෙන සිටියේ. හරියට ජන්කුක්ගෙන් පැන යන්නට වගේ. පින්තූරය හිමින් පිරිමැද්ද ථේ හිමින් පින්තූරයෙහි සිටි ජන්කුක්ගේ කම්මුලක් මතට දෑස් වසාගෙන හාදුවක් දුන් ථේ පින්තූරය පපුවට තුරුල් කරන් සිහින් ඉකියක් පිට කලේ අතීත මතකයක් සිහිවෙමින්.

💫💫💫💫💫💫

Flashback
- Memory reflection -

- "තමුසෙ ඇයි මේ ෆොටෝ එක මේසේ උඩ තියාගෙන ඉන්නේ ආ?"

- "අනේ ථේ ඒ අපි දෙන්න ඉන්න එකක්නේ එකයි මන් ඒක තියන් ඉන්නේ."

ථේ තරහෙන් ඇසුවත් ඔහුට ලස්සන සිනහවකින් ම පිළිතුරු දුන් ජන්කුක් ථේ ළඟට පිය මැන්නා.

- "තමුසෙට ඕනෙ නම් තමුසෙගෙ එකක් තියගන්නවකෝ. මාත් ඉන්න එකක් තියාගෙන ඉන්නේ. එදා ඔම්මයි අප්පයි බල කරපු නිසයි තමුසෙත් එක්ක ෆොටෝ එකක් ගන්න ආවේ. නැතුව මට ඕනෙ උනේ නෑ."

- "ඒ උනාට ඒක ලස්සනයි නේ. බලන්නකෝ අවුරුදු 16 උනත් ඔයා හරි හුරතල්. ලස්සන frame එකකුත් දාල තියෙන්නේ මම."

- "ආ... හුරතල්.... මම බබෙක් කියලද හිතන් ඉන්නේ. විකාර..... හ්ම්...... ලස්සන frame එකක් නේ. මේ frame එක නැති උනොත් තමුසේ මේක අයින් කරනවද?"

එසේ කියූ ථේ එම පින්තුරය පොලේ ගසා දැමුවේ කුකීගේ ඇස් වලින් කදුළු කැට ගලන් යද්දී.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now