Chapter 27

1.3K 217 19
                                    

- Nam Joon's House -

හැමදාමත් වගේ උදෙන්ම ඇහැරුණු නම්ජුන් සුපුරුදු පරිදි හැඩට ඇඳ පැළඳගෙන ඩයිනින් රූම් එකට විත් උදෑසන කෝපි එකේ රස බලමින් උන්නා. මේ අතර නිදි පැදුරෙන්ම නැගිට්ට හොබි කලබලයෙන් පහලට දුවගෙන ආවේ ජිමින්ව හොයාගෙන.

- "ඕහ්..... මිස්ටර් නම්ජුන්. Good morning."

- "ආහ් හොබි. ඔයා කොයි වෙලේද ආවේ?"

- "ඒක දිග කතාවක් මිස්ටර් නම්ජුන්. කෙටියෙන් කියනවා නම්. ඊයේ ජිමින් හොඳටම බීලා මමයි උදීෂයි තමයි අරගෙන ආවේ."

- "What?"

බොමින් හිටිය කෝපි කෝප්පෙත් එක්කම පුදුමෙන් ඇස් ලොකු කරන් පුටුවෙන් නැගිට්ට නම්ජුන් අඩියට දෙකට හොබි ඉස්සරහින් හිට ගත්තා.

- "කලබල වෙන්න එපා මිස්ටර් නම්ජුන්. හැබැයි කලබල නොවිත් බෑ."

උඩ බලන් කට හද හද කියපු හොබි දිහා නම්ජුන් බලන් හිටියේ එක ඇහැක් උස්සලා නුරුස්සන බැල්මකින්.

- "මොකක්ද ඒ කතාවේ තේරුම?"

- "මම ඊයේ නිදාගත්තේ ජිමින්ගේ ඇඳේ ඔළුව තියාගෙන. ඒත් අද උදේ නැගිටිලා බලද්දි ජිමින් කාමරේ නෑ."

- "මේ ළමයා මහා රෑ බීලා ගෙදර ඇවිත් උදේ පාන්දර ගියේ කොහෙද?"
.
.
.
.
.
.

- The Torture Chamber of the SJ Mafia Gang -

- "ආහ්.........."

- "කියපන්. ඇත්ත කියපන්."

කැහැ කැහැ............... 🗣

- "උඹට මැරෙන්න ද ඕනේ. ආ........."

හයියෙන් කම්මුලට ගැහුව ඔහු සුගාගේ කොණ්ඩෙන් අල්ලන් ඔළුව පිටිපස්සට ඇදලා ආයෙත් ඇහුවේ එකම දෙයයි.

- "ඇත්ත කියපන්......"

පැය ගාණක් මේ දරුණු මිනිස්සුන්ගෙන් ලැබුණු වද හිංසා නිසා කඳුළු ගලන් ගියත් හිත ශක්තිමත්ව ඉන්න සුගා දැඩි වෙහෙසක් දැරුවා. ඇයි මේ මිනිස්සු තමන්ට මෙහෙම කරන්නේ යන වග සුගාට කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. ඒ වගේම ඔවුන් මේ අහන්නේ කුමක් ගැනද යන්න වගත් සුගාට හරි හැටි අවබෝධයක් නොතිබු නිසා ඔහු හැම වේදනාවක් ඉවසා දරාගෙන ඇස් දෙක පියාගෙන ජිමින් ගැන විතරක්ම හිතුවා. සුගා ඇස් අරිද්දිම දැනගත්තා මේ කොහෙද වග. නමුත් තමන්ව කිඩ් නැප් කරලා මේ අහන්නේ මොකක් ගැනද කියලා නොදන්නවා වුනත් මෙයට ජිමින්ගේ සම්බන්ධයක් තියෙනවා කියන එක සුගා තරයේම ප්‍රතික්ෂේප කලා. මොළය කෙතරම් පැවසුවත් සුගාගේ හදවත ජිමින්ට තියෙන අසීමිත ආදරේ නිසා ජිමින් මේ කිසි දෙයකට සම්බන්ධ නැති බවත් ඔහු කිසිම දෙයක් නොදන්නවා විය හැකි බවත් සුගා තමන්ගේ හදවතටත් මොළයටත් ඒත්තු ගැන්වූවා. නමුත් මේ තරම් වෙලා සුගා මෙතනදී දකින්න බලාපොරොත්තු නොවුන වුන ඒ ඔහු නොවෙන්න කියා ප්‍රාර්ථනා කරපු ඔහුම දැන් සුගාගේ ඉස්සරහට හිමින් හිමින් අඩිය තියමින් පැමිණියා.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Där berättelser lever. Upptäck nu