Chapter 12

1.7K 272 25
                                    

- Jimin's house -

උදෑසන අවදිවුනු ඔහු සුපුරුදු පරිදි මිළ අධිකම ඇඳුමකින් සැරසි පහළ මහළට පැමිණියේ සාක්කුවට අත් දෙක දමාගෙන.

- "සුභ උදෑසනක් ලොකු මහත්තයා" 

- "සුභ උදෑසනක්. පොඩි මහත්තයා නැගිටලද?" 

- "ඔව් ලොකු මහත්තයා. පුංචි මහත්තයා මේ දැන් කෑම කාමරයට ගියා. ඔබතුමා එනකම් බලන් ඉන්නේ." 

ජන්ග් ලේකම් නම්ජුන්ට එසේ පවසා එතනින් පිටව ගියේ හිස පහතට දමා ඔහුට ආචාර කරමින්. කෑම කාමරයට පිවිසි නම්ජුන් දුටුවේ කෑම මේසේ වාඩි වී ෆෝන් එක බලමින් හිනාවෙවි කතා කරන ඔහුගේ කඩවසම් පුත් ජිමින්ව.

- "Good morning my angel. අද හරිම උද්යෝගයෙන් වගේ වැඩේ ගැන. හාහ්?" 

- "Good morning dad" 

නම්ජුන්ගේ කටහඬ ඇහුණ ගමන් ෆෝන්එක මේසේ උඩට විසින් කර නම්ජුන් ළඟට දුවගෙන ගොස් ඔහුව බදාගෙන ඔහුට චූටි කිස් එකක් තොලට දුන්නේ ගොඩක් ආදරයෙන්. ජිමින් මේ ලෝකේ කාටවත් වඩා තමන්ගේ පියාට දැඩි සේ ආදරය කලා. ඔහු සිතන්නේ මේ ලෝකේ ඉන්න හොඳම අප්පා ඔහුගේ අප්පා බවත් එසේම තනියම ඔහුව මෙතුවක් කල් ආදරයෙන් රැකබලා ගනිමින්, කරදරවලින් ආරක්ෂා කරමින් සියලු සැපසම්පත් ලබා දී බලාගත්ත එකටත් ඔහු ගොඩක් තම පියාණන්ට ගරු කලා.

- "ඩෑඩ්. අද මං Kim company එකත් agreement sign කරන්න හිතන් ඉන්නේ. ඩෑඩ්ගේ විරුද්ධත්වයක් නෑනේ." 

- "මං මොකටද පුතා විරුද්ධ වෙන්නේ? මං දන්නවනේ මගේ පුතා තීරණ ගන්නේ ගොඩක් හිතලා බලලා කියලා. මට ඔයාව විශ්වාසයි. හරි කියලා හිතන දේ කරන්න." 

නම්ජුන් සිහින් සිනහවකින් තම පුතුට සංග්‍රහ කර උදෑසන ආහාර මේසේ තිබුණු කුකුල් මස් කැබැල්ලක් දෙකට කපා ජිමින්ගේ පිඟානටත් අනිත් කැබැල්ල තමන්ගේ පිඟානටත් දමාගත්තා.

- "හැදෙන ළමයි හොඳට කන්න ඕනේ."

නම්ජුන් එක ඇහැක් ගසමින් ජිමින්ගේ පිඟානට මස් කැබැල්ල දමමින් සිනහ වී පැවසුවා. නම්ජුන් පැවසු දේට සිනහ වුනු ජිමින් මස් කෑල්ල කටේ දා ගත්තේ අද දවසේ ඔහුට තිබුණු උද්යෝගය නිසා ඔහුගේ බඩගින්නත් වැඩි වී බව හැගිලා වගේ. මේ අතර ජිමින් කන දෙස ආදරයෙන් බලා සිටි නම්ජුන් මොහොතකට වෙනම ලෝකෙකට පිවිසියා.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now