Chapter 19

1.7K 249 91
                                    

- Jimin's house -

රාත්‍රී 11ට තිබූ ගුවන් යානයෙන් ජේජු දූපත බලා පිටත්ව යන්නට සූදානම් වී සිටි ජොන් පවුල ලක ලෑස්ති වී පහළට බැස ආවේ ගෙන යා යුතු බෑග් මළු ජන්ග් ලේකම්ට සේවකයෙක් ලවා පහළට රැගෙන එන ලෙස අණ කරමින්.

- "ජිමින් මං පොඩ්ඩක් උඩට ගිහින් එන්නම්."

- "ඔම්මව බලන්න ද අප්පා." 

නම්ජුන් නැවතත් උඩට යන්නේ තමන්ගේ ආරදරණීය බිරිඳ බැලීමට බව දැනුණු ජිමින් දුක් මුසු මුහුණින් නමුත් මුහුනේ සිනහවක් ද රඳවගනිමින් විමසුවා. එයට කිසිඳු පිළිතුරක් නොදුන් නම්ජුන් සිනහවකින් ජිමින්ට සංග්‍රහ කරා උඩුමහල වෙත පිය මැන්නා. උඩු මහලට ගිය නම්ජුන් තමන්ගේ කාමරය පසුකරමින් ඉස්සරහට ගොස් තවත් කාමරයක දොරේ අඟුල වෙත තම අත දිගු කර මද වේලාවක් හැඩලය දෙස බලා සිටි ඔහු සුසුමක් පිට කරමින් දොර විවෘත කර කාමරයට ඇතුලු වුණා. කාමරයට ඇතුලු වුණු නම්ජුන් මදක් වටපිට බැලුවේ එය නිතරම පිරිසිදුව තියන ලෙස සේවකයින්ට නිතරම ලබා දෙණ අණ ඔවුන් අකුරටම ඉටු කර තිබේ දැයි බලමින්. කාමරය පුරා ඇස් යැව්ව නම්ජුන් එහි දූවිලි බොඳක්වත් නොතිබීම හේතුවෙන් නම්ජුන්ගේ මුවගට සිහින් සිනහවක් ඇඳී ගියේ නිරායාසයෙනි. කාමරයේ ඉස්සහට හිමින් අඩිය තියමින් ඉස්සරහට ඇවිද ගිය නම්ජුන් තමන්ගේ ඉස්සරහින් තිබෙන බිත්තියේ ලොකුවට රාමු කර එල්ලා තිබූ පින්තූරය දෙස බලා සිටියේ දෙනෙතින් වැටෙන්න දඟලන කඳුළු බිංදුත් සමඟ. ඇස් දෙකම එක්වරම බොඳ වීම නිසා නම්ජුන්ට පින්තූරයේ සිටි ඇය හරිම ලස්සනට සිනහ වී සිටියත් නම්ජුන්ට ඇයව බොඳ වී පෙනුණා. තමන්ගේ කඳුළුවලට තරහින් දෝ නම්ජුන් කලබලයෙන් දෙනෙත් අත් දෙකෙන්ම පිස දැම්මේ පින්තූරය තමන්ට පැහැදිලිව පෙනෙන ආකාරයට.

- "මගේ ජෙනි. ඔයා හොඳින් ඉන්නව ද? අපේ දරුවත් ඔයත් එක්ක හොඳින් නේද?" 

පින්තූරය දෙස බලා හිමින් කතා කරපු නම්ජුන්ගේ දෑසට නැවතත් කදුළු බිංදු පැමිණෙද්දි හිමින් ඇස් අග දඟලමින් සිට එක්වරම නම්ජුන්ගේ කම්මුල් තෙත් කරමින් පහළට රූටා විත් පොලොව සිඹ ගත්තා. තමන්ගේ දෑස අගට පැමිණෙන කඳුළුවලට බාධා නොකරපු නම්ජුන් එයට ඔහේ වැටෙන්නට ඉඩ හරිමින් පින්තූර දෙස බලා කතා කරමින් සිටියා.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now