Chapter 10

1.8K 268 38
                                    

- Kim company -

දවසේ වැඩ කටයුතුත් සමඟ කාර්යබහුල වුණ ජන්කුක් අතේ තිබ්බ ෆයිල් එක බලං හිටියේ මුහුණේ සිහින් සිනහවක් සමඟින්. ඔහුට අද මුණ ගැසුණු ආගන්තුක පිරිමි ළමයා ගැන අමුතුම හැඟීමක් හිතේ දැනෙද්දි ඔහු නැවතත් තනියම සිනාසුනා. මේසේ උඩ තිබුණු Jeon company එකේ ෆයිල් එක නැවත වතාවක් අතට ගත්තු ජන්කුක් නිකමට තමන්ගේ ඉස්සරහ බිත්තියේ එල්ලා තිබු ඔරලෝසුව දෙස බැලුවා. වෙලාව දුටු ඔහුට එලොව පොල් පෙනුණේ දැනටමත් රෑ 11ත් පසු වී විනාඩි පහක් ගත වී හොඳටම ප්‍රමාද වී තිබු නිසා. ඉක්මනටම ෆයිල් එක වසා දමා මේසේ දකුණු පසින් තිබු ලාච්චුව ඇර එය ඇතුලට දමා ලොක් කර මේසේ උඩ තිබු තමන්ගේ කාර් එකේ යතුර අතට ගත් ජන්කුක් පුටුවෙන් නැගිට දොර ළඟට දිව්වේ අද අප්පාගෙන් තමුන්ට ලුණු ඇඹුල් ඇතුව හොඳට අහන්න වෙන බව සිහිපත් කරමින්. දොර ඇරපු ජන්කුක් එළියට යන්න අඩිය තියන්න හද්දිම ඔළුව ටිකක් පස්සට වි එතනම ගල් ගැහුණේ දොර ළඟ හිටිගෙන තමන් දිහා කන්න වගේ බලන් සිටි පුද්ගලයාව දැකීමෙන්.

- "ථේ..... ඔයා..... තාම ගියේ නැද්ද?" 

- "යන්න. මං ගෙදරටම ඇවිදන් යන්නද කියන්නේ?" 

ථේ තරහෙන් කිව්වම තමයි ජන්කුක්ටත් මතක් උනේ ථේ ආවේ තමන් එක්ක බව.

- "ඇයි එතකොට.......  හපොයි.  හරි සමාවෙන්න ථේ මට අමතක උනා. එන්න යමු." ☹

🐯 හ්හ්... අමතක උනා... හ්ම්. මාව අමතක කරන්න. ඔහොම ඉන්නවකෝ.  මාව අමතක නොවෙන්නම මං තමුන්ට ඉක්මනට වැඩක් සලස්සවන්න. 

ජන්කුක් දිහා ඇස් රතු කරන් තරහෙන් බලන් එසේ සිතූ ථේ කට කොනින් සිනා සී ජන්කුක් පසුපසම ගොස් වාහනෙට නැග්ගා. පාන්දරට කිට්ටු නිසා ඉක්මනින්ම ගෙදරට ආපු ජන්කුක් වාහනෙන් බැස දිව්වේ අප්පාගෙන් බැනුම් අහන්නත් සූදානමින්.

- අප්පා.." 

දොර ඇරලා ගෙදරට අඩිය තියනවත් එක්කම සාලේ වාඩි වෙලා සිටි මිස්ටර් කිම්ව දැක්ක ජන්කුක් ඇස් ලොකු කරන් ඔහු දෙස බලා සිටියේ අද තමුන් ඉවරයි කියා හිතෙන් සිතමින්. එහෙත් තත්පරයක්වත් යන්න කලින් තමන් සිතූ දෙයට හාත්පසින්ම වෙනස් දෙයක් සිදු වූවයින් ජන්කුක් පසුපසින් පැමිණි ථේද වික්ෂිප්තව කටත් ඇරන් මිස්ටර් කිම් දෙස බලා සිටියා.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now