Chapter 15

1.9K 276 68
                                    

- Jungkook's room -

කෑම කාලා ඉවර වුන හැටියෙම ථේත් එක්ක කතා කරන්න හිතන් ථේගේ කාමරයට ගියත් ඔහු සුව නින්දක පසුවන නිසා ජන්කුක් හිමින් දොර වහලා තමන්ගේ කාමරය වෙත පිය මැන්නා. තමන් කාමරයේ දොර වහපු හැටියෙම කෙනෙකු දොර විවර කරනවා දැනුණයින් ජන්කුක් පිටුපස හැරි බැලුවේ ඒ කවුරුන්ද කියා බැලීමට.

- "පුතේ ඔයා ථේ එක්ක කතා කලාද?" 

- "අනි අප්පා. මං ථේගේ කාමරේට යද්දි එයාට හොඳටම නින්ද ගිහින්. හෙට කතා කරන්නම් අප්පා." 

- "හ්ම්. ජන්කුක් ඔයාට විශ්වාසද මේ ගැන? ථේ ගැන මං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ඔයාට. එයා මගේ බලාපොරොත්තු සුන් කරලා දැම්මොත්......." 

- "නෑ අප්පා. මට විශ්වාසයි ථේ එහෙම කරන්නේ නෑ. එයා මේ ව්‍යාපෘතිය මටත් වඩා හොඳට කරයි. අපි එයාට අවස්ථාවක් දෙන්නයි ඕනේ."

- "හ්ම්.... ඇයි ඔයා ථේ වෙනුවෙන් ඔච්චර risk එකක් ගන්නේ?"

- "මොකද ඒ මගේ පුංචි සහෝදරයා අප්පා. මාව විශ්වාස කරන්නකෝ." 

- "හොඳයි ජන්කුක් මං ඔයාව විශ්වාස කරලා ථේට භාර දෙනවා. හැබැයි ඔයාට තමයි මේකේ වගකීම ගන්න වෙන්නේ? ථේගේ අතින් වැරැද්දක් වුනොත්....."

- "මං දන්නවා අප්පා. ථේ මේ ව්‍යාපෘතිය මටත් වඩා හොඳට කරනවා. මං ථේත් එක්ක ඉන්න නිසා බය වෙන්න එපා."

- "හරි එහෙනම් හෙට මට හරියටම කියන්නකෝ කතා කරලා. සුභ රාත්‍රියක් එහෙනම්." 

- "සුභ රාත්‍රියක් අප්පා." 

🐰 මගේ පුංචි ඒන්ජල්ව තේරුම් ගන්න කාටවත් බෑ. මට විතරයි එයාව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මට පුළුවන් හැමදෙයක්ම මං ඔයා වෙනුවෙන් කරනවා මගේ මැණික. ඔයාව සතුටෙන් තියන්න මං ඕනෙම දෙයක් කරනවා.

මිස්ටර් කිම් දොර වහනවත් එක්කම තම පපුවට අත තියන් හිනාවෙලා එසේ සිතූ ජන්කුක් විසිල් කරමින් අල්මාරිය ළඟට ගිහින් ඇඳුමක් තෝරලා ඇඳ උඩ තියලා ටවල් එක අරන් බාත්රූම් එකට දිව්වේ සීතල වතුරෙන් වොෂ් එකක් අරන් ඇඳට වැටුනම තමන්ට සුව නින්දක් ලබාගන්න පුළුවන් බව දන්න නිසා.
.
.
.
.
.
.
- Tae's room -

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now