Chapter 30

1.5K 223 26
                                    

එක්වරම ගොඩනැගිල්ලේ එක් පසකින් නැගුණු පිපිරිම් සද්දෙන් මුළු ගොඩනැගිල්ලම ගිනි ගන්න බව හොඳින් පැහැදිලිව පෙන්නනට වුනායින් සියල්ලන්ම කලබල වී ගොඩනැගිල්ලෙන් පිටව යාමට එහේ මෙහේ දුවන්නට වුණේ කුලප්පු වුනු අශ්ව රංචුවක් මෙනි. මේ අතර පහළ සිටි පිරිසක් අතර හඬමින් සිටි ගැහැණු ළමයා බයේ වෙව්ලමින් තම පෙම්වතාගේ අත තදින් අල්ලන් සිටියේ පසුතැවෙමින්.

- "මං කිව්වා මල් වෙඩි පත්තු කරන්න එපා කියලා."

- "ජෝන් ඒක අනතුරුදායකයි කියලා කියද්දිත් තමුන් ඇයි ඇහුවේ නැත්තේ ජිනි."

- "අනේ මට සමාවෙන්න. දැන් මොකද කරන්නේ?"

- "දැන් මෙතනින් පැනලා යමු. ඉක්මනට....."

සමාජ ශාලාවේ එක තැනක වටවී සිටි පිරිසක් අතර සිටි ගැහැණු ළමයෙක් හඬමින් කතා කලේ තමන් කරපු මෝඩ වැඩේ ප්‍රතිඵල නිසා මුළු ගොඩනැගිල්ලෙම සිටින මිනිස්සුන්ගේ ජීවිත දැන් අනතුරේ වගේම තමනුත් ලොකු අමාරුවක පැටලි ඇති බව හැඟවීමෙන්. බැලු බැලු හැම තැනම මිනිසුන් බයේ කෑ ගසමින් ගොඩනැගිල්ලෙන් පිටවී යන දොරටුව අසලට ඇඳී යනවා දුටු ඔහු හඬමින් බයේ සිටින ගැහැණු ළමයාට බනින එක අත හැර ඇයගේ අතකින් අල්ලා පිවිසුම් දොර වෙත දිව ගියා.

- "ලීසා ආයේ උඩට එන්න."

උඩු මහලේ handrail එකට හේත්තු වී බ්රැන්ඩි වීදුරුවක් තොල ගාන්නට සැරසෙද්දිම ඇසුණු පිපිරීම් සද්දෙන් ගැස්සුණු ථේ ලීසා වෙත දිව යන්නට සැරසුණා.

- "තමුසේ... තමුසේ මහා අපතයෙක් කිම් ථේ හියුන්ග්."

එක්වරම ඇහුණු කටහඬින් දුවන්නට සැරසුණු ථේ ක්ෂණිකයෙන් ජිමින් දිහාවට හැරුණේ පුදුමෙන් දෑස් විසල් කරමින්.

- "මොකක්ද?"

- "මැරියන්...................."

- "අහ්... ජිමින් මොකක්ද මේ කරන්නේ?"

- "තමුසේගේ පවුල අවුරුදු ගාණක් මගේ හ්යුන්ග්ව මගෙන් ඈත් කරා මදිවට තමුන් ඒ අහිංසකයගේ ජීවිතේම අපායක් කරලා."

- "ජිමින්. කා... ගැන... ද ඔය........"

- "එපා............."

ගත වුනේ තත්පරයකටත් අඩු කාලයක්. ඒත් එක්කම ගොඩනැගිල්ලම දෙදරුම් දෙමින් ජිමින්ගේ අතෙහි රැදි වූ තුවක්කුවෙහි උණ්ඩය ථේගේ පපුව දිහාවට පියාඹනවත් සමඟව ථේව තමන්ගේ පණටත් වඩා ආරක්ෂා කරන, පණටත් වඩා ආදරය කරන ඔහු සැමගේම දෙනෙත් පුදුමෙන් විසල් කරමින් ථේ හ්යුන්ගේ මැද්දට පැන ඔහුව තදින් බදාගත්තා.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now