Porolouge 🌙

1.1K 126 25
                                    

" මට එයාව හොයාගන්න ඔයා උදව් කරන්නේ නැද්ද නූනා... මට ඕනි එයාව හොයාගන්න...

මට උදව් ඕනි නූනා... "

හන් ගඟ ලග තිබුන අත්වැටට බරවෙලා කෙනෙක් අහස දිහා බලන් හිටියා...
ඒ ඇස් කෙලින්ම යොමුවෙලා තිබුනේ රෑ අහසේ වළාකුලු අතරින් පැහැදිලිව පේන ඒ අඩ රවුම් හඳ දිහාවට ...

අතේ ඇගිලි වලින් තදින් එයා අත්වැට අල්ලගන දිගටම හඳ එක්ක කතා කලේ එකම වචන ටික....

" නූනා.. ඇයි අද කතා නැත්තේ.. අනේ කතා කරන්නකෝ... මට උදව් කරන්නේ නැද්ද .. "
එයා ඉල්ලුවේ එකම ඉල්ලීම ...

දැනටත් ගොඩක් රෑ වෙලා නිසා හන් ගඟ අසල සෙනග අඩු උනත් එතනින් ඉදහිට යන හැමකෙනෙක් ම මේ කෙනා දිහා බැලුවේ ටිකක් අමුතුවට ...

සැහැල්ලු කලිසමකට ඒහා සමාන ලා නිල් පාට ටී Shirt එකක් ඇදපු එයා කළුපාට කොන්ඩෙත් නළලෙන් පස්සට කර කර දිගටම හඳ ට කතා කලා...

" මම දන්නවා... ඔයා බයයි මම එයාට කරදරයක් කරයි කියලා ... එහෙම නේ.. ඒත් නූනා ඊටත් කලින් මම එයාව හොයාගන ඉන්න ඕනි නේ..

මට එයාගෙන් අහන්න ඕනි ඇයි ... ඇයි එයා ඔයාට එහෙම දෙයක් කලේ කියලා....

නූනා චේබල් මට එයාව පෙන්නන්න කෝ.. ම්ම්.. "
එන්න එන්නම කළු වලාකුළු වලින් වැහෙන ඒ අඩහඳ දිහා බලාගන එයා දිගටම ඉල්ලුවා...

ඒත් එක්කම හෙමින් හෙමින් ඒ වලාකුළු හඳ ලගින් මෑත් උනේ මෙච්චර වෙලා අත්වැටට බර වෙලා ආයාචනා කරපු ඒ පුංචි කොල්ලගේ මූණේ ලස්සන හිනාවක් ඇදෙද්දි ...

" මම දන්නවා ඔයා මාව මගාරින්නේ නෑයි කියලා... "

එයා හිනා වෙලා එහෙම කියනවත් එක්කම පොළවට ආව ලා හඳ එළියට වඩා ඝනකම එළියක් ඒ පුංචි කොල්ලගේ මූණට වැටුනේ කාටත් නොපෙනුනත් ඒ ලා දුඹුරු පාට බෝල ඇස් සාගරයේ මුතුකැට වලට හුරු ලා නිල්පාටින් දිලිසෙද්දි ...

ඒ දිලිසෙන ඇස් එකඑල්ලේම යොමුවෙලා තිබුනේ හද එළිය ගලාගන එන අඩහඳ දිහාවට ....

" එයා ඉන්නවා මගේ කොටි පැටියෝ... ඔයාට පේනවද ... එයා ඔයාගේ ලගටම මම ගෙනත් දුන්නා... "
තමන්ගේ හිතට මුමුණන ඒ වචන කාගෙද කියලා ඒ පුංචි කොල්ලා හොදටම දැනන් උන්නා.. මොකද මේ එයාගෙ පළවෙනි වතාව නෙවෙයි එයාගේ නූනා එක්ක කතා කරපු ...

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now