🔹🔷 61 🔷🔹

256 62 80
                                    


හුරුපුරුදු උණුසුමට ගුලිවෙන්න හැරුනත් ටේහ්‍යුන් ට දැනුනා එයාගේ එහා පැත්තේ ජන්කුක් ගේ ඉඩ හිස් බව .. අඩ නින්දෙ හිටිය ටේහ්‍යුන් ව ගැස්සිලා ගියා ජන්කුක් ඇඳේ නෑ කියලා දැනුන ගමන් .. එයා ඉක්මනට ඇඳේ ඉඳගත්තා ...

" කූ .. ? "
එහා පැත්තෙ හිස් උන කොට්ටේ තමන්ගේ දිග ඇඟිලි වලින් අතගෑව ටේහ්‍යුන් ගේ අතක් තමන්ගේ නිරුවත් පපුවට ගියේ ඉබේමයි ...

" දෙයියනේ කූ ඔයා කොහෙද ? "
ටේහ්‍යුන් ව ගැහෙන්න වගේ .. එයා බෙඩ් ටේබල් එක උඩ තිබුන එයාගේ මල් ඉත්තකින් හදපු මුද්ද ඇඟිල්ලට දාගත්තා .. ඒකරන් එයාගෙ නිරුවත් ඇඟ වැහෙන්න ඩුවට් එක උස්ස ගන එයා ඇඳෙන් බැස්සා ..

" කූ ඔයා බැල්කනි එකේද ? "
බැල්කනි එකට ඔලුව දැම්මත් හිස් බැල්කනි එක දැක්කම ටේහ්‍යුන් ට එන්න එන්නම බයක් දැනුනා .. එයාගෙ උමතු ආදරේ එයාගෙ මානෙන් නොපෙනෙද්දි ටේහ්‍යුන් ගේ ඔලුව පිස්සු නැටුවා ..

එයා සද්දෙන් හුස්ම ගන්න ගමන් ඇඳේ ඉන්ද උනා ... ඒ එක්කමයි කාමරේ දොර ඇරුනේ .. බයවෙලා කදුළු පුරවන් හිටිය ටේහ්‍යුන් ඇඳේ ඉඳගනම හැරිලා දොර දිහා බැලුවේ බලාපොරොත්තු පිරුන ඇස් වලින් ...

" ටේ .. ඔහ් ඔයා නැගිට්ටද ? "
ඔව් ඒ එයා .. ටේහ්‍යුන් බලාපොරොත්තු උන නිල් ඇස් දෙක කාමරේ දොරෙන් ඇතුලට ආවම ටේහ්‍යුන් ගේ ඇඟට ලේ ටිකක් ඉනුවා ...

" කූ .. ! දෙයියනේ කොහෙද ගියේ .. "
ටේහ්‍යුන් ට ඇඬිලා .. එයා ජන්කුක් දිහා බලන් ඉද්දි ජන්කුක් ඉක්මනට එයා ගෙනාව මග් දෙක සෝෆා ටේබල් එකෙන් තියලා ටේහ්‍යුන් ගේ ලඟට ආවේ ...

" ලව් මම ඔයාට මෝනිං ටී එකක් හදන්න ගියා .. අනේ මොක___ "
ජන්කුක් ට කියාගන්න උනේ නෑ ... ටේහ්‍යුන් ඇඟේ පටල ගත්ත ඩුවට් එකත් එක්කම ජන්කුක් ගේ බෙල්ල වටෙන් අත දාලා ජන්කුක් ට තුරුල් උනාම ජන්කුක් නිශ්ශබ්ද උනා ...

" ඔයා මාව බය __ කලා .. අනේ කූ මට නොපෙනෙන මානෙට යන්න එපා ප්ලීස් .. "
ජන්කුක් ගේ බෙල්ල පාමුල මූණ හංගපු ටේහ්‍යුන් මුමුණද්දි ජන්කුක් හෙමින් ටේහ්‍යුන් ගේ අත් වලින් අල්ලලා එයාව ඈත් කලා ...

" ටේ .. ඔයා බය උනාද .. ? අයිගෝ මියාන් මියාන් ම්ම් .. මම මගේ වයිෆ් ට ටී එකක් හදාගන එන්න උදෙන්ම නැගිට්ටෙ .. "
ජන්කුක් ලස්සනට හිනා උනාම ටේහ්‍යුන් ආයෙත් ජන්කුක් ගේ කරේ එල්ලුනා ...

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now