🔹🔷 35 🔷🔹

240 69 82
                                    


" සර් අපි කොහෙටද යන්න ඕනි .. ? "
ටේහ්‍යුන් එහෙම ඇහුවේ පැසෙන්ජර් සීට් එකට ඔලුව හේත්තු කරන් හිටිය ජන්කුක් ගෙන් ..

" ටේහ්‍යුන් ගේ ගෙදරට .. "
ජන්කුක් ඇස් පියාගනම කියලා දාද්දි ටේහ්‍යුන් ට නොදැනීම බ්‍රේක් එක පෑගුනා ..

" එහ් ! "
ටේහ්‍යුන් බ්‍රේක් එක පාගපු වේගෙට ජන්කුක් ව ගැස්සිලා ඉස්සරහට තල්ලු උනා ...

" ඔහ් ... ! ටේහ්‍යුන් drive කරද්දි පරිස්සමෙන් .."
ජන්කුක් එහෙම කිව්වෙ ටිකක් තදින් .. එයාව එක පාරට ඉස්සරහට තල්ලු උනාම එයාට තරහ ගියා ..

" අ අපි ඇයි එහෙ යන්නේ සර් .. අහ් අම් මම කියන්නේ__ "

" අපි නෙවෙයි ඔයයි යන්නේ ... ඇයි හෙට දේගු වැඩේට ලෑස්ති වෙන්නේ නැද්ද ... ඔයාට ඉක්මනට ගෙදර යන්න ඕනි නැත්තන්__ "

" ආ ආනියෝ ... යන්න ඕනි .. අහ් ඇ ඇත්තටම බඩු තියෙනවා තමයි ලෑස්ති කරගන්නත් .. ටික දවසකටත් නේ අනික .. "
ටේහ්‍යුන් හිත යටින් සැනසුම් හුස්මක් පිට කලේ ජන්කුක් නොඑන බව කියද්දි ..

එයා ආස නෑ ජන්කුක් ගේ තියුණු ඇස් තමන්ගේ ගේ අස්සේ තියෙන ගුප්ත බව අඳුන ගන්නවට .. ටේහ්‍යුන් පිටතින් පෙන්නවට වඩා එයා වෙනස් බව ජන්කුක් ට දැනේවි කියලා ටේහ්‍යුන් බය උනා ...

" ම්ම් .. "
ජන්කුක් ආයෙම සීට් එකට ඔලුව තියාගනිද්දි ටේහ්‍යුන් ආයෙත් පාර දිහා බලාගත්තා...

ජන්කුක් ට ටිකක් ඇහැ පියවෙද්දි ටේහ්‍යුන් එයාගේ ගෙවල් පාරට හරවලා වාහනේ නතර කලා ... ජන්කුක් ට ඒක දැනුනා .. වාහනේ නතර උන බව .. එයා නින්දෙන් හිටියත් ගොඩක් sensitive ...

" ඇයි මගින් නතර කලේ .. ? "

සීට් බෙල්ට් එක ගලවමින් හිටිය ටේහ්‍යුන් පුදුම උනේ එයා දිහා බලන් හිටිය ජන්කුක් ගේ තද කළු ඇස් නිසා ...
" ඔහ් .. අ ආ මට මෙතන ඉඳන් යන්න පුළුවන් සර් .. සර්ට පුළුවන් ද වාහනේ ගන්න ? අමාරුද__ "

" ච් ඒක ප්‍රශ්නයක් නෑ .. මම අහන්නේ දැනටමත් හවස් වෙලා .. ගෙදර ලඟටම යන්න පුළුවන් ඕන්නන්__ "
ජන්කුක් ට උවමනා උනේ ටේහ්‍යුන් ව ඇරලවන්න මිස ටේහ්‍යුන් ගේ ගෙදර බලන්න නෙවෙයි .. මොකද ජන්කුක් ටේහ්‍යුන් ව විශ්වාස කලා ..

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now