🔹🔷 56 🔷🔹

275 64 44
                                    


" කූ .. ඔයා මට සමාව දෙයි නේද ? "

" මාව අත අරින්නේ නෑ නේද ? "

" මාව දාලා යන්න එපා කූ ... යනවා නම් මාව මරලා දාලා යන්න .. "

" ටේ .... හ් .. ! "
ටිකක් තද නින්දක හිටිය ජන්කුක් කෑගැස්සිලා ඇහැරවුනා ... කාමරේට වැටෙන ඉර එලියෙන් ජන්කුක් තීරණය කලා එයා ටේහ්‍යුන් නැතුව දවසක් ඔහේ ඇඳ උඩ ගත කරලා කියලා .. ජන්කුක් නොදැනම හීනෙන් එයාගේ කම්මුල් තෙමිලා ගිහිල්ලා ... එයා අතකින් කම්මුල් වල කදුළු පිහිදලා දැම්මා ...

" ඇයි මම ඔයාට සමාව දෙන්න ඕන ටේ .. ? ඇයි මම ඔයාව අතාරින්නේ ? "
ජන්කුක් තනියම මිමිණුවා .. එයාට මේවගේ අගක් මුලක් හොයාගන්න බෑ .. එයා කල්පනා කලා ටේහ්‍යුන් මොකක් ගැනද ඒ කිව්වෙ කියලා .. සමාව දෙන්න තරම් ටේහ්‍යුන් කරපු වරද මොකක්ද කියලා එයා කල්පනා කලා ...

.
.

ජීමින් හිටියේ කිචන් එකේ .. එයා ජන්කුක් ගේ බෙහෙත් වේලත් ලෑස්ති කරලා ජන්කුක් ට සුප් එකකුත් හැදුවා ඇඟට පණක් එන්න .. ඒ අතරෙත් ජීමින් හූල්ල හූල්ල හිටියේ ජන්කුක් ගැන ..

එයා සුප් එකත් අරන් බෙහෙත් ටිකත් ට්‍රේ එකේ අහකින් තියාගත්තා .. ඒ කරලා එයා හෙමි හෙමින් ජන්කුක් ගේ කාමරේට යන පඩිපෙල නැග්ගා ..

" ජන්කුකා ... තාම නිදිද .. "
ජීමින් ලාවට ජන්කුක් ගේ කාමරේ දොරට තට්ටු කලා ..

" නිදි වගේ .. "
ජීමින් ගේ තොල් වලට හිනාවක් ආවා ජන්කුක් පුංචි එකෙක් වගේ දවල් වෙනකන් නිදි ඇති කියලා හිතුනම ..

එයා දොරත් ඇරන් කාමරේ ඇතුලට ගියා .. ඒත් හිස් ව තිබ්බ කාමරේ දැක්කම ජීමින් ගේ අතෙන් සුප් ට්‍රේ එකත් අතෑරෙන්නයි ගියේ ..

" ජන්කුකා ! "

ජීමින් ට්‍රේ එකත් අහකින් තියලා කාමරේ පුරාම ජන්කුක් ව හෙව්වා .. ජන්කුක් ට ටිකක් නැගිටගන්න පුළුවන් උනා විතරයි .. ඒ ඩිංගට කොහේ ගියාද කියලා ජීමින් බය උනා ...

" දෙයියනේ ජන්කුක් කොහෙද ගියේ .. "
ජීමින් සද්දෙන් කතා කරමින් කාමරෙයි සාලෙයි හැමතැනම ජන්කුක් ව හෙව්වත් ජීමින් කාමරේට එන ඩිංගට ජන්කුක් ගෙදරින් එලියට ගිහින් ...

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now