🔹🔷 57 🔷🔹

225 56 47
                                    


ටේහ්‍යුන් කාමරෙන් එලියට එනවත් එක්කම එතනට කඩිමුඩියේ ආවෙ ජින් ...

" ටේහ්‍යුන් .. අන්න අරයා ඇවිත් .. "
ජින්ට ටිකක් හති .. පඩිපෙල වේගෙන් නැග්ග පාර ...

" මම දන්නවා .. "
ටේහ්‍යුන් ගොඩක් සන්සුන්ව වගේම හිස් බැල්මකින් ජින්ට උත්තර දුන්නා ...

" ඉතින් ? ඉතින් දැන් මොකක්ද ඔයා කරන්න හදන්නේ ? ඒ මනුස්සයා එක්ක ජන්කුක් ව යවන්න ටේ .. "
ජින් ට උවමනා උනේ ටේහ්‍යුන් ආයෙත් පිස්සෙක් වගේ අඬන එක නතර කරන්න .. ජින් දන්නවා ආයෙමත් ජන්කුක් ටේහ්‍යුන් ගේ ඉස්සරහට ආව එකේ ප්‍රතිපලේ හොඳක් නැතිබව ...

ජින් එහෙම කියනවත් එක්කම ටේහ්‍යුන් එයාගේ නිල් ඇස් වලින් ජින්ට තියුණු බැල්මක් දැම්මා ...
" කූ මා එක්ක ඉදීවි .. එච්චරයි "
ටේහ්‍යුන් ගේ බැල්ම ජින් ව පවා තිගැස්සෙන සුලු උනා .. ඒ තරම් ස්තීර බවක් ඒ ඇස් වල ජින් මීට කලින් දැක්කේ එකම එක පාරයි .. ඒ චේරින් වෙනුවෙන් ජන්කුක් ව හොයාගන යන්න ටේහ්‍යුන් බූසාන් වලින් පිටත් උන දවස ...

අද ටේහ්‍යුන් එදා මරණ්න උවමනා උන කෙනාව තමන් ලඟින් රඳවගන්න ඒ තියුණු ඇස් පාවිච්චි කරන්න අරන් ...
ජින් ගේ ඇහිබැම් ඇකිලුනා ටේහ්‍යුන් එහෙම කිව්වම ..

" මොකක් ? එ එතකොට .. එතකොට ජන්කුක් ට දැන් මොකක්ද ඔයා කියන්න යන්නේ ? ජීමින් ඉඩ දෙන්නෑ ඔයාට ජන්කුක් ව මෙහෙ තියාගන්න ටේ .. අ අනික එයා තාම හොඳවෙලා නෑ .. හ්හාහ් ටේහ්‍යුන් ඔයා හිතනවා වගේ මේක කරන්න බෑ ..

දැන් කෝ ජන්කුක් ? "
ජින් හිටියේ හොඳටම කලබල වෙලා .. ටේහ්‍යුන් ගේ බැල්ම එයාට රිස්සුවෙම නෑ ..

" එයා ඉදපුවාවේ .. මම කතා කරලා එන්නම් ජීමින් එක්ක .. "

" ඒත්__ "

" හ්‍යුන් .. ! මම කිව්වනේ .. මම බලාගන්නන් .. ඔයා මුකුත් නොකර මගේ පැත්තෙන් ඉන්න .. තේරුනාද ? "
ටේහ්‍යුන් තදින් වගේම ස්තීරව කතා කලා ... ජින්ට වචනයක් කියාගන්නත් බැරි තරමට මොකක්දෝ අමුත්තක් ටේහ්‍යුන් ගේ කතාබහෙන් දැනුනා ...

ටේහ්‍යුන් කරන්න යන්නේ මොකක් උනත් ඒකේ ප්‍රතිඵලය නම් හොඳ නැති බව ජින්ට ඉවෙන් වගේ දැනෙද්දි ජින් ආයෙම උත්සාහ කලා ටේහ්‍යුන් එක්ක කතා කරන්න ...

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now