🔹🔷 47 🔷🔹

236 71 51
                                    


ජන්කුක් ගේ අත දැන් හොදයි .. එයා ප්‍රශ්නයක් නැතුවම වාහනේ ගෙනාවා ... හදිසියේම ගෙදර නොයා company එකට යන්න උන නිසා දෙන්නම මහන්සි පිට හිටියේ ..

" බහින්න ... "
ජන්කුක් එහෙම කියලා වාහනෙන් බැස්සම ටේහ්‍යුනුත් වාහනෙන් බැස්සා .. එයාලා හිටියේ Jk building එක ඉස්සරහා .. ගාඩ් කෙනෙක් ට වාහනේ පාක් කරන්න කියලා යතුර දුන්න ජන්කුක් ටේහ්‍යුන් වත් එක්ක company එක ඇතුලට ගියා ..

එයාලා office එක ඇතුලට එද්දි හැමෝම ජන්කුක් ට ඔලුව නැමුවා ...

" Good Afternoon Sir .. "

" Good Afternoon .. "
ජන්කුක් ඉක්මනට එයාගේ කැබින් එකට යන වීදුරු පඩිපෙල නැගගන ටේහ්‍යුන් එක්ක කැබින් එකට ගියා ...

" මොකක්ද අපි දැන් කරන්නේ ? "
ටේහ්‍යුන් පුටුව ඇදලා වාඩි උනා ...

" හ්හාහ් කෙවින් ව අල්ලගන්න ඕන ටේ .. මට එයාව සැකයි .. "
ජන්කුක් එහෙම කිව්වම ටේහ්‍යුන් ඇහිබැම් ඇකිලුවා..

" ඇයි දැන් කෙවින්ව සැක කරන්නේ ? සාක්ෂියක් හම්බුනාද එයාමයි කියලා .. "

" ම්ම්හ් මේක බලන්නකො .. "
ජන්කුක් එයාගේ phone එකේ වීඩියෝ එකක් ප්ලේ කරලා ඒක ටේහ්‍යුන් ගේ අතට දුන්න ...

ඒකේ තිබුනේ කෙවින් ජන්කුක් ගේ කැබින් එකට හොරෙන් රිංගන්න උත්සාහ කරන කොටසක් .. තවත් තැනක එයා හොරෙන් ඩේමියන් එක්ක කතා කරමින් ඉන්නවා ...

" මම ඊයේ නිකමට company එකේ cctvs බැලුවේ ... කෙවින්ව මට අඳුන ගන්න පුළුවන් ටේ .. එයාට ස්කුල් කාලේ ඇක්සිඩන්ට් එකක් උනා ඒ ගැන company එකේ අය කතා කරද්දියි මාත් දැනගත්තෙ ... ඒකෙන් තමා කෙවින් කකුලක් ටිකක් කොරගහන්න ගත්තෙ .. ඒ කෙවින් බව මූණ නොබලම මට කියන්න පුළුවන් ..

අනික ඔය බලන්න .. එයා එදා launching එකේදි ඩේමියන් එක්ක වෙන මොනාදෝ කතා කරනවා ... ඒ කෙවින් නේද ? "
ජන්කුක් එහෙම ඇහුවම ටේහ්‍යුන් පුදුම උන ඇස් වලින් ඔව් කියන්න ඔලුව වැනුවා ...

" මේ ලඟදි තිබ්බ cctvs විතරයි ඔය .. කවුද දන්නේ කවදා ඉදන් company එකේ දේවල් කෙවින් පිටට දුන්නද කියලා .. "

ජන්කුක් හුස්මක් හලලා සීට් එකට බර උනා ...

ටේහ්‍යුන් ටත් හිතාගන්න බෑ කෙවින් එහෙම දෙයක් කලා කිව්වම ..

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now