🔹🔷 50 🔷🔹

235 62 56
                                    


" ඩොක්ටර් .. ඇත්තටම ඒ කියන්නේ අපිට පුළුවන් ද බලාපොරොත්තු තියාගන්න .. "

" ඔව් සෙනී ශී ... ජීමින් ශීගේ nerves වලට ටිකක් හානි වෙලා උනත් ඊයේ ජීමින් ශීට සිහිය ආව වෙලේ ඉදන්ම එයාගේ ස්නායු හරි ඉක්මනට ඒකට රියැක්ට් කරලා තියෙනවා ..

සමහරවිට කෝමා තත්වෙම තවත් කල් හිටියා නම් මේක නරක අතට හැරෙන්න තිබ්බා .. ඒත් පේන විදියට අපිට පුළුවන් සතියක් වගේ කාලයක් ඇතුලත ජීමින් ශීගේ nerves ආයෙත් හොද කරගන්න .. "
ඩොක්ටර් එහෙම කිව්වම ඇඳේ ඇලවෙලා සෙනීගේ අතෙන් අල්ලගන හිටිය ජීමින් ගේ සුදුමැලි උන තොල් වලට පුංචි හිනාවක් ආවා ...

සෙනී හිටියෙත් ගොඩක් සතුටින් එයාගේ හස්බන්ඩ් කෝමා එකෙන් නැගිට්ට එකට ..
කෙල්ල ජීමින් එක්කම වාඩිවෙලා ගොඩක් වෙලා කතා කලා ...

සෙනීගේ සම්චොන් හදිසියේම සියදිවි නසාගත්තා කියන ආරංචිය ඇහුවම නම් ජීමින් ගොඩක් දුක් උනා ..

" ඔයා කියන්නේ මට විසක් දුන්නා කියලද ? ඒකත් හොස්පිටල් එකටම ඇවිත් ? "
ජීමින් ඒක අහලා ටිකක් පුදුම උනා ..

" අනෙ ඔව් ජිමිනි .. ඔයාගේ සේලයින් එකට එයා inject කරලා තියෙන්නේ .. සම්චොන් තමා ඒ වෙලාවේ එතන හිටියේ ... අලුත් ඩොක්ටර් කෙනෙක් කියලලු එයා හිතුවේ ..

හ්හාහ් ඒත් ඔයා ඒ විනාඩි ගානකට පස්සෙ ගැහෙන්න ගත්තමයි මම කෑගැහුවේ .. සම්චොන් ඒ ඩොක්ටර් ව හෙව්වා ජිමිනි ඒත් සම්චොන් ට හොයාගන්න බැරි වෙන්න ඇති ..

අනේ මන්දා ඊළග විනාඩියේ අපිට අහන්න ලැබුනේ සම්චොන් suicide කරගත්තා__ ... කියලා විතරයි .. "
සෙනී ඇස් වල කදුළු පිහදමින් කියද්දි ජීමින් අමාරුවෙන් එයාගේ අප්‍රාණික කකුල් ඇදලා ඇදේ ඉඳගත්තා ..

" මොකක් ! සම්චොන් ඒත් එක්කමද suicide කරගත්තේ .. දෙයියනේ එයාට එහෙම හේතුවක් තිබ්බෙ නෑ නේ සෙනී .. "
ජීමින් පපුවට අතක් තියා ගත්තෙ ඒ හදිසි වියෝව නිසා ...

" අනේ මන්දා ජිමීනි .. මට තාම හිතාගන්න බෑ .. අනේ මම කිව්වා කුකී ගේ වැඩ වලින් ඔයා ටිකක් ඈත් වෙන්න කියලා .. බලන්න ඔයාට හතුරෝ හැදිලා ජිමිනී ..
මම පොලීසියේ ඇන්ට්‍රි එකක් දැම්මා .. "

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now