🔹🔷 01 🔷🔹

724 113 70
                                    

කළුපාටට හුරු නිල් පාට බෙන්ස් එකක් වේගෙන් ඇවිත් ඒ විශාල බිල්ඩින් එක ඉස්සරහා නතර කලේ මෙච්චර වෙලා එතනට වෙලා කැමරා අටෝගන බලන් හිටිය මීඩියා කාරයෝ ටික කඩිමුඩියේ වාහනේ ලගට දුවන් එද්දි ...

තවත් විනාඩි කීපයකට පස්සෙ ඒ බෙන්ස් එකේ ඉස්සරහ සීට් එකේ හිටිය driver ඉක්මනට එලියට බැහැලා පිටිපස්සේ දොර ඇරියේ කළු සපත්තු දෙකක් වාහනෙන් එලියට අඩිය තියද්දි...

එයා එලියට බහිනවත් එක්කම මීඩියා කාරයෝ ඔක්කොමලා photos ගන්න වගේම මයික් දික් කරලා ප්‍රශ්න වැලක් අහන්න ගත්තේ ඒ කෙනා තමන්ගේ කළු සූට් එකේ බට්න් එකක් දාගන්න අතරෙයි....

" ජන්කුක් ශී ... අපිට කියන්නකෝ මෙවරත් ඔබ පාවිච්චි කරන්නේ ඔබගේ පරණ ක්‍රමවේදයමද කියලා... ? "

" ජන්කුක් ශී... මේ තරම් පිරිසක් ඔබගේ සහයක තනතුර ඉල්ලන එක ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නේ... ? "

" ඔබ ගේ ආයතනයට ලැබෙන මේ ලොකු ඉල්ලීම නිසා ඔබ සතුටින් ද.. ? "

එතන හිටිය හැම කෙනෙක් ම මයික් දික් කරගන විවිධ විවිධ ප්‍රශ්න එයාට ගෙනාවත් එයා කලේ කැමරා දිහා බලලා ටිකක් හිනා උන එක ..
" ඔව් එකම ක්‍රමවේදය තමයි.... ම්ම් මට සතුටුයි මම අද ඉන්න තැන ගැන...

ඒත් මේ තරම් පිරිසක් මගේ සහයක තනතුරට අයදුම් කරන එක ...

ඒක මට කරදරයක්...

Excuseme ... "

හැමෝටම අවශ්‍ය උන උත්තර කීපය කියලා එයා excuse කරලා ඒ විශාල බිල්ඩින් එකේ එන්ට්‍රන්ස් එකෙන් ඇතුලට ගියේ පස්සෙන් එන්න හදන මීඩියා කාරයෝ හැමෝවම එයාගේ බොඩිගාඩ් ලා එන්ට්‍රන්ස් එක ලගින් නතර කරගනිද්දි...

එයා කතාබහක් නැතුව ඉස්සරහට ගියේ ඒ ගමනට තවත් කෙනෙක් දුවගන ඇවිත් එකතු වෙද්දි...

" ඔක්කොම හරිද ජිමින් ... ? "

" දේ ජන්කුක් ශී ... කට්ටියම ඉදගන ඉන්නේ.. ඔයාට තියෙන්නේ පටන් ගන්න ... "
එයා ෆයිල් එකක් පෙරලන ගමන් ජන්කුක් එක්කම ඇවිදන් ගියේ තවත් එක දොරක් ගාවට ...

හොද හුස්මක් අරන් ජන්කුක් ඒ දොර ඇරලා ඇතුලට ගියේ ජිමින් එලියෙන් රැදෙද්දි ...

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now