🔹🔷 33 🔷🔹

233 59 62
                                    

ජන්කුක් ඇස් ලොකු කරලා ටේහ්‍යුන් එක්ක හිනාවෙද්දි ටේහ්‍යුන් ට බලාගන්න පැත්තක් නෑ .. ජන්කුක් ගේ පපුවත් එයාගේ ඇස් මානේ ... අනික ජන්කුක් ගේ දාඩියට පෙඟුන කොන්ඩේ , ඒ නිසා ජන්කුක් ගොඩක් කඩවසම් උනා .. ජන්කුක් ගේ අත් ගොඩක් ශක්තිමත් .. හොලවගන්න වත් බැරුව තියෙන තමන්ගේ අත් නිසා ටේහ්‍යුන් ඒක තේරුම් ගත්තා ....

අනික ඒ කලු ඇස් .. ඒවා නිමානෙන් හරි බලන් හිටියේ ටේහ්‍යුන් ගේ තොල් දිහාව ...
කවදාවත් නැතුව ටේහ්‍යුන් ව නිරුත්තර උනා...

" ජන්කුක් ශී ... ම් මේ__ "

" ඔහ් .. I .. I'm sorry ... අහ් .. "
ජන්කුක් ඉක්මනට ටේහ්‍යුන් ගෙන් ඈත් වෙලා ඇඳේ ඉඳ ගත්තේ ටේහ්‍යුන් ජන්කුක් ගේ අත්වලින් ගැලවෙන්න දඟලපු නිසා ...

ටේහ්‍යුනුත් ඉක්මනට ඇඳේ ඉඳගත්තේ ජන්කුක් ගෙන් අහකට හැරිලා ..

" අම් .. මම_ ස සමහරවිට මම ඩ්‍රින්ක්ස් අරන් හිටිය නිසා වෙන්න ඇති ටේහ්‍යුන් .. සොරි .. "
ජන්කුක් උනත් වියවුල් වෙලා හිටියේ ඊයේ රෑ දැකපු තමන්ගේ හැසිරීම ගැන ....

" අම් .. හ හරි .. "
ටේහ්‍යුන් ගොඩක් කලබල වෙලා ... ජන්කුක් ගේ බට්න් ඇරුන ශර්ට් එක දිහා සැරෙන් සැරේ එයාට බැලුනේ හිතාමතාම නෙවේ ...
ඒත් දෙන්නම ඇඳේ ඉඳගන දෙපැත්ත බලාගන හිටියා..
විනාඩි කීපයක් දෙන්නගෙම අතර රැදුනේ නිශ්ශබ්දතාවයක් ...

" අ මම .. මම ආවේ .. breakfast ලෑස්තියි කියන්න ජන්කුක් ශී .. මම පහලට යන්නම්_ "
ටේහ්‍යුන් ඉක්මනට ඇඳෙන් නැගිට්ටේ ජන්කුක් එක්ක රැදෙන එක අපහසුතාවක් වගේ දැනුන නිසා ..
එයා ජන්කුක් දිහා ලාවට බලලා එහෙම කියලා ඉක්මනට යන්න හැරුනා...

" ටේහ්‍යුන් ... "
ඒත් ජන්කුක් තවමත් ඇඳේ වාඩිවෙලා ටේහ්‍යුන් දිහා බලාන එයාට කතා කලේ ටේහ්‍යුන් ආයෙම ජන්කුක් දිහා බලද්දි ..

" ද් දේ ... "
ටේහ්‍යුන් ජන්කුක් ඉස්සරහ හිටගන බලන් හිටියා ...

" ටේහ්‍යුන් listen .. මම කියන්නේ නෑ ඊයේ රෑ එහෙම උන එකට මම සතුටු වෙනවා කියලා .. ඒත් ඔයයි පළවෙනි කෙනා .. ඔයාගෙන් දැකපු ඒ පෙනුම තමයි මම අද වෙනකන් දැකපු පළවෙනි මූණ ටේහ්‍යුන් ..
You know .. Ah .. Thank You ... "
ජන්කුක් තොලක් හපාගන ආයාසයෙන් වචන පිට කරද්දි ටේහ්‍යුන් නිශ්ශබ්දව අහන් හිටියා .. එයා කොහොමත් ජන්කුක් එක්ක කතාබහ කරන්න පුළුවන් මූඩ් එකක නෑ ..

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now