🔹🔷 13 🔷🔹

305 79 48
                                    

" නූනා ඇයි ඉර බහින දිහා බලා ඉන්න මේ තරම්ම ආස .. ? "

" ආනී .. මම බලන් ඉන්නේ හඳ නගින දිහා .. "
අත්වැටෙන් ටිකක් මෑත් වෙලා කෙල්ල ලස්සනට හිනා වෙද්දි ටේහ්‍යුන් ඇස් ලොකු කරලා ඒ දිහා බැලුවා...

" මොහ්.. ? එතකොට මේ මෙච්චර දවසක් ඔයා හඳ නගිනකන් ද මෙතනට වෙලා බලා ඉන්නේ... ? "

" ඔව් .. ඇයි ? "

" චහ් .. ඔයත් මාරයි නේ.. දැන් නේ මට කිව්වෙ ඒක .. "
ටේහ්‍යුන් කට ඉරක් වගේ කරද්දි චේරින් හිනාවුනා...

" ඉතින් ඔයා දැන් නේ ඒක ඇහුවේ .. "
කෙල්ල අත්පුඩියක් ගහලා හයියෙන් හිනා උනේ පොඩි එකෙක් වගේ..

" නූනා හඳට ඒ තරම් ආසද .. ඉවසිල්ලක් නැතුව හඳ පායනවා බලා ඉන්න තරම් .. ? "

" හ්ම්ම් හේතුවක් නැතුවම මම හඳට ළං වෙලා... මම ආසයි හඳ වගේ තරු ගොඩක් තියෙන නිල් අහසක පායන්න .. පුංචි හඳ එළියක් වෙලා එළිය දෙන්න .. "
ඒ දුඹුරු ඇස් අමුතුම ලස්සනකින් දිළිසුනේ හඳ දිහා බලාගන ඇහිපිය ගහද්දි...

" ඉතින් ඉර නෙවෙයිද ලොකුම එළිය .. ? "

" ඉර කියන්නේ මට අල්ලන්න පුළුවන් දෙයක් නෙවේ නේ කොටි පැටියෝ .. මම ඒ තරම් ශක්තිමත් නෑ ... ඒත් මම ආසයි හඳ වගේ පිරිසිදු කෙනෙක් වෙන්න ..

ඒත් මම දන්නවා මට ඒකත් බැරි බව .. "
කෙල්ලගේ මූණ මැලවෙලා ගියා..

" නූනා අපිරිසිදු නැහැ නේ.. නූනාගේ හිත ගොඩක් පිරිසිදුයි නේ .. ඒ ඇති .. අනික නූනා ලස්සනයි .. හඳ වගේම එක පාරින් නොපෙනෙන ලස්සනක් නූනා ලගත් තියෙන්නේ ... "
ටේහ්‍යුන් ගේ හිනාව එක්ක කෙල්ලගේ හිත ටිකක් හැදුනා...

" මම හඳ උනොත් ඔයා කවුද වෙන්න ආස ... ම්ම් ඉර .. ? තරු .. ? "

" ම්ම්හූ .. මම ආස නූනා දිහා බලන් ඉන්න ... හැමදාම නූනව බලන්න එන්න ... මේ මම දැන් ඉන්නවා වගේ .... නූනා එක්ක කතා කරන්නත් මට ඕනි .. "
කටත් කරකවලා ටේහ්‍යුන් එහෙම කියද්දි චේරින් එයාගේ සිහින් දිග ඇගිලි වලින් ටේහ්‍යුන් ගේ ඔලුව අතගෑවා..

" මගෙ පුංචි මල්ලි එක්ක මම හැමදාම ඉන්නවා ... මම මැරුනත් හඳ වෙලා හරි ඔයා එක්ක ඉන්නම් හොදද.. "
චේරින් හිනා උනත් ඒ කතාවෙන් ටේහ්‍යුන් ගේ හිනාව නම් මැකිලා ගියා..

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now