🔹🔷 34 🔷🔹

242 69 127
                                    


ජන්කුක් වගේම ටේහ්‍යුන් හිටියේ JK building එකේ උඩ තට්ටුවේ තිබ්බ cafeteria එකේ ... ජන්කුක් තාමත් කල්පනාවෙ හිටියේ...

" සර් තාමත් ඊයේ ඇදුම් පිටින් .. "
ටේහ්‍යුන් එහෙම කිව්වෙ එයාගේ ඇමරිකානෝ එකෙන් උගුරක් ගිලලා අහක බලාගන්න ගමන් ...

" ඔහ් ... geezz ඔව් මයි .. "
ජන්කුක් ඉක්මනට එයාගේ ඇඳුම ටිකක් පිළිවල කරගත්තා ...

ටේහ්‍යුනුත් හිටියේ කලින් දවසේ ඇන්ද ජන්කුක් ගේ ටී ශර්ට් එක පිටින් .. සැහැල්ලු ට්‍රවුසර් එකට ටී ශර්ට් එකක් ඇන්දම ටේහ්‍යුන් ගොඩක් පොඩි පාටයි..
ජන්කුක් ටේහ්‍යුන් දිහා බලලා හිනාවක් දැම්මා...
" ඔයා කොලේජ් ස්ටුඩන්ට් කෙනෙක් වගේ.. "
ජන්කුක් අතකින් කට වහන් හිනාවෙලා එයාගේ හොට් චොක්ලට් එකෙන් උගුරක් බොද්දි ටේහ්‍යුන් ට තරහත් ගියා...

ඒ එක්කම ජන්කුක් අහකට හැරිලා කහිද්දි ටේහ්‍යුන් තරහින් ම හිනා උනා....

" මම guard system එක හදන්නන් ... ඒකෙන් පස්සෙ අපි ගෙදර යමු ... හෙට දේගු වැඩේ කතා කරගන්නත් ඕනි .. "
ජන්කුක් බාගෙට බීපු හොට් චොක්ලට් එක මේසෙ ඉස්සරහට තල්ලු කරලා නැගිට්ටා...

එයාලා office එකට එද්දි employees ලා කතාබහක හිටියේ...

" ජන්කුක් ශී ... අපේ system එකට මොකද වෙන්නේ ? අපිට හැමදේම අලුතෙන් කරන්න වෙයිද ? "
ටේහ්‍යුන් එක්ක කතාබහේ ආව ජන්කුක් ගේ ඉස්සරහට ආවේ ජන්කුක් එක්ක කාලෙක ඉඳන් වැඩ කරපු Programming Supervisor කෙනෙක් ... එයා foreign පෙනුමක් තිබ්බ කෙනෙක් ....

" Don't Worry කෙවින් .. මම ඒක සෙට්ල් කලා ... යන්න කලින් මම security system එක fully update එකක් කරලා යන්නම් .. අහ් එතකොට ඔයාලගේ programs ටික ... ඒ ගැනත් worry වෙන්න එපා ඒවා මගේ ලඟ safely තියෙනවා ... ඕකේ ? "
ජන්කුක් එහෙම කියද්දි කෙවින් ආයාසයෙන් හිනාවක් දාලා ඔලුව වැනුවේ පැහැදිලි බව කියන්න ...

අනිත් අයත් කුටු කුටු ගගාම ජන්කුක් කිව්ව දේ අනුමත කලා..

ජන්කුක් කෙවින් ගේ උරහිසට තට්ටුවක් දාලා ටේහ්‍යුන් එක්ක cabin එකට ගියා....

*******

තවත් පැයක් office එකේ වැය කරපු ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා දවල් වෙද්දි office එකෙන් එලියට ආවා ...
දෙන්නටම හොදටම මහන්සියි උදෙන්ම කලබලෙන් office එකට ආව නිසා ... ටේහ්‍යුන් ජන්කුක් ගේ පස්සෙන්ම වාහනේ පැත්තට ගියා...

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now