🔹🔷 12 🔷🔹

314 75 40
                                    


තවත් සතියක් ගත උනා...
දැන් ටේහ්‍යුන් School එකටත් වඩා කාලය ගත කලේ ජින් එක්ක හොස්පිටල් එකේ... වෝඩ් වල හැමෝම ජින් ටත් වඩා ටේහ්‍යුන් ව දැන හදුන ගන ඉවරයි....
ඒ කාලේ අතර තුර ටේහ්‍යුන් ගේ හිතේ තිබුන මුරණ්ඩු ගතියත් ගොඩක් දුරට අඩු වෙලා ගිහින් තිබුනේ ඒ හැංගුන ජීවිතත් එක්ක කාලය ගත කරලාමයි....

ඒත් ටේහ්‍යුන් එදා දැක්කේ නුහුරු රූපයක් ... ජින් ගේ වටේ කැරකි කැරකි වෝඩ් ගානේ දිව්ව කොල්ලා ඒ කෙනා දිහා ටිකක් නතර වෙලා බලන් හිටියා...

" ඔහ් එයා ඊයේ හවස ආවේ... කැමති නම් කතා කරලා බලන්න ටේහ්‍යුනා .. එයා මා එක්ක වත් කතා කලේ නැහැ ... "
ජින් ටේහ්‍යුන් බලන් ඉන්න කෙනා දිහා බලාගන එයාගේ සුදු පාට දිග ඕවර් කෝට් එකේ සාක්කු වලට අත්දෙක දාගත්තා....

" ඔහ් ජින්චා... ඊයේ ද ආවේ .. "
කොල්ලා ඇස් ගෙඩි දෙකත් ලොකු කරලා එහෙම ඇහුවා...

" හ්ම්ම් එයා හිටියේ දේගු වල ... ඊයේ මෙහෙට ආවේ .... reports වල තිබ්බේ නම් එයා ඇඩ්මිට් වෙලා දැනට සති දෙක හමාරක් කියලා.... මොකද කියන්නේ ඕනි නම් කතා කරන්න ... එයාව ගෙනාව හොස්පිටල් එකෙනුත් කිව්වෙ එයා කා එක්කවත් කතා කලේ නෑ කියලා ..... හ්හා මොකක් හරි ලොකු පීඩනයකින් ඇති... හැබැයි කොල්ලෝ කෙල්ල සැරයි ... එයා ඔහොම සන්සුන්ව හිටියට බෙහෙත් වෙලාවෙදි ඕකේ කනපිට ... "
ජින් හුස්මක් පිට කරලා හිනා උනා....

" හ්හ් මා එක්ක කතා කරන එකක් නෑ එහෙනම්.. "
ටේහ්‍යුන් ටයිල් එකට සපත්තුවෙන් අනින ගමන් තොල් උල් කලා...

" ම්ම් එහෙම නෑ මෙහෙ ඉන්න හැමෝගෙම හිත ඔයා දිනා ගත්ත එකේ උත්සාහ කරලා බලන්න....
ඇත්තටම එයා කතා කලොත් නම් ගොඩක් වටිනවා ... එයාව හොද කරගන්න බැරි වෙන එකක් නෑ... තරහා ගස්සන්න නම් එපා හොදේ... "
ජින් ටේහ්‍යුන් ගේ පිටට තට්ටුවක් දාලා හිනා වෙද්දි ටේහ්‍යුනුත් හිනා වෙලා ඔලුව වැනුවා...

ටේහ්‍යුන් හෙමින් කොරිඩෝ එක කෙලවරේ තිබුන බැල්කනි එකට වෙලා එලිය බලන් ඉන්න ගෑණුළමයා ගේ පැත්තට අඩිය තිබ්බේ ටිකක් චකිතයෙන්...
ඒ ඉන ගාවට වෙනකන් දිග කොන්ඩේ හුළගට එයාගේ මූණට ආවත් කෙල්ල කොන්ඩේ ගැන වද වෙන පාටක් පේන්න තිබ්බේ නෑ..... එයා එක දිගටම කොහේදෝ ඈතක අතරමං වෙලා...

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now