🔹🔷 10 🔷🔹

359 79 27
                                    


" හෙට හ්‍යුන් ගේ වෙඩින් එකට ගොඩක් clients ලා එයි ටේහ්‍යුන්... උදේ දහය වෙද්දි ලැස්ති වෙලා ඉන්න .. මා එක්කම යන්න පුළුවන් .. "
Computer එකේ monitor එක දිහා බලාගන ජන්කුක් එහෙම කියද්දි ටේහ්‍යුන් වාඩිඋන තැනින් නැගිට්ටා...

" දේ ... මම ඒක බලන්නම් ජන්කුක් ශී .. ජන්කුක් ශී අද ගෙදර යන්න පරක්කු වෙනවද ... ? "

" Okay ... ඔයා යන්න ටේහ්‍යුන් .. මම ටිකක් රෑ වෙයි .. "
ටේහ්‍යුන් වත් යවලා ජන්කුක් මේසේට ඔලුව තියාගත්තේ එකදවසක් තුල උන හැමදේම එකලස් කරන ගමන්...

එයා එතනින් නැගිටලා rooftop එකට ගියේ හැමදාමත් වගේ හිතට නිදහසේ වචන පිට කරගන්න පුළුවන් එකම තැන එතන නිසා...

එයා බැල්කනි එකේ ඉදන් බලන් හිටියේ ටේහ්‍යුන් Company එකෙන් එලියට බැහැලා පාරේ බස් එකක් අල්ලගන්න බස් හෝල්ට් එක පැත්තට යනවා...
" හ්හා... මොනාද මේ වෙන්නේ.. ? "
එයා හැරුන අද උදේ එයාට accident එක උන අතුරුපාර දිහාවට ..

ඒත් එක්කම එයාගේ බ්ලේසර් සාක්කුවෙන් එයා අතට ගත්තේ රින්ස් යන phone එක ..

" යොබුසෙයෝ .. "
Unknown number එකක් නිසා ජන්කුක් ටිකක් තදින් කතා කලේ නොදන්නා numbers වලින් එන කෝල්ස් එයා වැඩිය ගනන් නොගත්ත නිසා...

" ජන්කුකා ... මේ මම .. අනේ ම් මොකක්ද බං උනා කියන කලබලේ company එකේ... උඹ හොදින්ද ... අනේ බං මේ සෙනී ගේ phone එකෙන් මම ගත්තේ ... "

" හ්‍යුන් ... ? "
ජන්කුක් ඉක්මනට අත්වැටට හේත්තු වෙලා හිනාවක් මූණට ගත්තේ ජීමින්ව කලබල කරන්න අකමැති නිසා...

" ච් ... මොකද උනේ කියහන් .. උඹ හොදින් ද .. ආ .. "

" අයියෝ ඔව් හ්‍යුන් මම මේ හොදින් ඉන්නේ... ඔයා බොරුවට කලබල වෙලා.. එහෙම ප්‍රශ්නයක් උනේ නෑ... "
ජන්කුක් අකමැති උනා හෙට ජීමින්ට විශේෂ දවසක් වෙලත් අද එයාගේ ඔලුවට මේ ප්‍රශ්න දාන්න ... අනික් අතට උදේ එයාව කවුරු හරි මරන්න හැදුවා කිව්වොතින් ජීමින් කොයිවිදියටද හැසිරෙයිද කියලා ජන්කුක් බය උනා...

" අ ජින්චා... අනේ බං මං මේ සෙනී එක්ක බඩු වගයක් ගන්න ආවා බං ... ඒ ශොප් එකක කෙල්ලො දෙන්නෙක් තමා කතා කලේ ඕක ගැන .. "

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now