🔹🔷 40 🔷🔹

237 63 34
                                    


කල්පනාවෙ ඉදලා ජන්කුක් ට එහෙම්මම නින්ද ගිහින් තිබුනා ..ඒත් ටේහ්‍යුන් .. එයා රෑ තිස්සෙ හිතෙන් ප්ලෑන් හැදුවා .. ප්ලෑන් වලටත් වඩා ටේහ්‍යුන් කලේ මේ පැටලුම් ගැන කල්පනා කරපු එක ...
එයාගේ හිතේ එක කොටසක් දැන් සම්පුර්ණයෙන්ම ජන්කුක් ගෙ පැත්ත අරන් .. ජන්කුක් වරදක් කරන්න නැතුව ඇති කියලා ටේහ්‍යුන් ගේ හිත බලාපොරොත්තු වෙන්න අරන් ...

ඒත් ටේහ්‍යුන් ගෙ මොලේ කිව්වෙම මේ දැන් හරි ජන්කුක් ව මෝහනය කරලා මේක හරියට දැනගන්න කියලා .. ටේහ්‍යුන් ඒක හිතුනම ජන්කුක් දිහා බැලුවා උනත් ඒ වෙද්දි ජන්කුක් ශටර් එකටත් ඔලුව හේත්තු කරන් නින්දට වැටිලා ...

පුංචි බඩගින්නක් දැනුනත් ටේහ්‍යුන් ට ඕන උනෙත් නෑ වාහනෙන් බහින්න .. එලියෙ හොදටම වහින නිසා ටේහ්‍යුන් සීතලට සීට් එකට ඔලුව බර කරගත්තා..

නොදැනීම දෙන්නම එලිවෙනකන් වාහනේ ඇතුලට වෙලා ඉඳලා .. ජන්කුක් ට ඇහැරවෙද්දි එලි වෙලා තිබුනා .. ටේහ්‍යුන් තාමත් නින්ද නිසා එයාව ඇහැරවන්න ජන්කුක් ට හිත දුන්නේ නෑ ... එයා ස්ටියරින් වීල් එකටත් අත් බර කරගන කල්පනා කලා ජීමින් ගෙ ජීවිතේ එක්ක මේ තරම් තරහා කවුද කියලා ..

ජන්කුක් සද්දයක් නොකරම වාහනෙන් බැස්සා ... පාරෙ යන එන හැම කෙනාගෙන මූණු එයාට බොඳව පේද්දි ජන්කුක් ට දැනුනෙ මහ creepy හැඟීමක් .. ඒත් වාහනේ ඇතුලෙ නිදන් හිටිය ටේහ්‍යුන් ගෙ මූණ ජන්කුක් ට දැන් ටිකක් පැහැදිලියි ... එයා මවාගන හෝ හුරු වෙලා හෝ කොහොමින් හරි ජන්කුක් ට ටේහ්‍යුන් ගෙ මූණ අනිත් අයගෙ වගේ creepy උනේ නෑ .. ටේහ්‍යුන් ගෙ නිල් ඇස් ගොඩක් ලස්සනට ජන්කුක් දැක්කා ..

ටේහ්‍යුන් ගෙ නින්ද කැඩුනා ජන්කුක් වාහනෙන් බහිද්දි .. ශටර් එකට ඔලුව තියන් ඉදලා ඔලුවත් රිදෙන්න අරන් .. ටේහ්‍යුන් හෙමින් සීට් එකේ කෙලින් වෙද්දි ජන්කුක් වාහනෙන් එලියට බැහැලා හොස්පිටල් එක දිහා බලාගන හිටියා ..

" ජන්කුක් ! "
කල්පනාවෙ හිටිය ජන්කුක් ගෙ ලඟට ආවෙ හොස්පිටල් එකෙ ඉදන් එලියට ආව ටිකක් වයසක ගෑණුකෙනෙක් ... එයා ජන්කුක් ගෙ නම ටිකක් සැරෙන් කිව්වා ..

ජන්කුක් තිගැස්සිලා හැරිලා බලනවත් එක්කම අර ගෑණු කෙනා ජන්කුක් ගෙ කම්මුලට පාරක් ගැහුවේ වාහනේ ඉදන් මේ දිහා බලන් හිටිය ටේහ්‍යුනුත් වාහනෙන් බැහැලා එද්දි ..
ජන්කුක් තෘස්නිම්භූත වෙලා බලන් හිටියා පාර මැද එයාට ගහන්න තරම් කවුද කියලා ..

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now