🔹🔷 58 🔷🔹

238 54 32
                                    


ටේහ්‍යුන් ජන්කුක් ගේ ලඟින් කෑම මේසේ වාඩිවෙලා හිටියා .. ජින් ටේහ්‍යුන් ලට මූණලා වාඩිවෙලා ටේහ්‍යුන් ටත් ජන්කුක් ටත් කෑම බෙදුවා ... ජින් ගේ මූණ නම් තාම නොසතුටින් බව ටේහ්‍යුන් දැක්කා .. ඒත් ජන්කුක් බලන් හිටියෙ ටේහ්‍යුන් දිහා විතරයි ...

" ජන්කුක් ශී .. කිම්චි තව__ අහ්හ් .. "
ජින්ට අමතක උනා ජන්කුක් ට ඇහෙන්නෙත් එයා ප්‍රතිචාර දක්වන්නෙත් ටේහ්‍යුන් විතරක් බව ...

" ච් ටේහ්‍යුන් එයාගෙන් අහන්න කෑම ඇතිද කියලා ? "
ජින් ටිකක් ඔරොප්පුවෙන් කිව්වම ටේහ්‍යුන් ජන්කුක් දිහා බලලා හිනා උනා ..

" කූ ඔයාට කිම්චි ටිකක් දාන්නම් ද ? "

" ම්ම් Okay ... ඒව රසට හදලා .. "
ජන්කුක් ටේහ්‍යුන් එක්ක ලස්සනට හිනා උනාම ටේහ්‍යුන් ජන්කුක් ට කිම්චි බෙදුවා ...

ජින් නිශ්ශබ්දව වාඩිවෙලා මේ දෙන්නා දිහා බලන් හිටියා ...

" ඔහ් .. ඔයාගේ තොල් වල__ "
ජන්කුක් ටේහ්‍යුන් ගේ තොල් පෙන්නන්න හදලත් ආයෙම හිනා උනා .. එයා හිනාවෙලා ටේහ්‍යුන් ගේ තොල් අග රැඳුන කිම්චි සෝස් ටික තමන් ගේ තොල් වලින් රස බලලා ආයෙත් ටේහ්‍යුන් ගෙන් ඈත් උනා ...

ඒකෙන් ටේහ්‍යුන් ටිකක් පුදුම උනා ..

" සෝස් තිබුනා .. "
ජන්කුක් හිනාවෙලා තමන් ගේ තොල් වල ටේහ්‍යුන් ගේ තොල් වල තිබිලා ගෑවුන සෝස් දිවෙන් රස බැලුවා ...

" ඔයා නන් කූ .. ! "
ටේහ්‍යුන් බොරු තරහකින් ජන්කුක් ගේ අතකට ගැහුවම ජන්කුක් හයියෙන් හිනාවෙලා කෑම කන්න ගත්තා ..

මෙයාලගේ මේ පුංචි පුංචි සිදුවීම් පවා ජින් හොඳට බලන් හිටියා .. ටේහ්‍යුන් ගේ තද ඇස් ජන්කුක් දිහා බලද්දි කොයිතරම් යටහත්පහත් වෙනවද කියලා ජින් බලන් හිටියා .. ජන්කුක් ගේ හිනාව ටේහ්‍යුන් ගේ තොල් වලටත් හිනාවක් ගේනවා ...

" හ්හහ් .. "
ජින් ටිකක් සද්දෙන් ප්ලේට් එක ඉස්සරහට තල්ලු කරලා මේසෙන් නැගිට්ටා ..

" හ්‍යුන් කාලා ඉවරද ? "
ටේහ්‍යුන් ජන්කුක් ගෙ දිහා බලලා ජින් දිහා බැලුවේ එහෙම අහන ගමන් ..

" හ්ම් "
ජින් ලාවට උත්තර දීලා එයාගේ ප්ලේට් එක සින්ක් එකට දාලා කාමරේට ගියාම ටේහ්‍යුන් තමන් ගේ තොලක් තදින් හපාගත්තා ..

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now