🔹🔷 32 🔷🔹

262 71 53
                                    


ජන්කුක් ගේ කාමරෙන් ඇහුන වීදුරු බිඳෙන සද්දේ එක්ක ටේහ්‍යුන් ඉක්මනට ජන්කුක් ගේ කාමරේ ඇතුලට පනිද්දියි එයා දැක්කේ ජන්කුක් බෙඩ් ටේබල් එක උඩ තිබ්බ digital clock එකෙන් එයාගේ කණ්නාඩි මේසේ තිබුන ලොකු රවුම් කණ්නාඩිය කුඩුවෙන්නම ගහලා කියලා ...

ටේහ්‍යුන් එද්දිත් සෑහෙන්න වීදුරු කෑලි කුඩුවෙලා තිබුනා... ජන්කුක් එයාගේ ඔලුවත් අල්ලගන ඇඳේ ඉඳගන හිටියා...

" ජන්කුක් ශීහ් .. "
ටේහ්‍යුන් ඉක්මන් අඩියෙන් ජන්කුක් දිහාවට ගියේ කාමරේ ඇතුලට ආව වේගෙටමයි..

ජන්කුක් ඒත් ඔලුව ඉස්සුවේ නෑ .. කොහොමත් ජන්කුක් ට ඒ මත් බවත් එක්ක ඔලුව උස්සගන්න අමාරුයි..
" ජන්කුක් ශී හොදින්ද ? "
ටේහ්‍යුන් ජන්කුක් ගේ උරහිසට අතක් තිබ්බා...

ටේහ්‍යුන් වද වෙනවා ද ? ජන්කුක් ට තුවාලයක් වෙලා ද කියලා ? ඒත් ඒක එහෙම වෙලා තුවාලයක් උනා නම් ටේහ්‍යුන්ටම නෙවේද වාසි ... ?

ඒත් හැඟීම් වලට පුළුවන් මනස පාලනය කරන්න....

" ම්න්... හාහ් ටේහ්‍යුන් ? "
ජන්කුක් අමාරුවෙන් ඇස් හීන් කරලා ටේහ්‍යුන් ව අඳුන ගත්තා .. එයා අත්දෙකෙන්ම ඔලුව අල්ලගන ලා කෙඳිරියකින් ටේහ්‍යුන් ට කතා කලා ..

" ජන්කුක් ශී .. මේ මොකක්ද__ "

" අහ්හ්හ් ඒකෙන් වැඩක් නෑ මට .. "
ජන්කුක් එහෙම කියලා ඔලුව දෙපැත්තට ගසද්දි ටේහ්‍යුන් මූණ ඇකිලුවේ ඒ කිව්ව දේ නොතේරුන නිසයි...

" තුවාලයක් නෑ නේද සර් ? "

" මම කැමති නෑ mirrors වලට .. I mean ටේහ්‍යුන් .. මට මගේ මූණ නොපෙනෙනවා නම් මොකටද mirrors ගෙදර තිබිලා .. අහ්හ් I hate those ... ! "

ජන්කුක් කෑගහන ගමන් ඇඳේ කොට්ටෙකුත් අල්ලලා අර කැඩුන කණ්නාඩි මේසෙට වැදෙන්න විසික් කලා...

ටේහ්‍යුන් හුස්මක් හලලා ඉනට අත් තියාන කකුලකින් පොලවට තට්ටු කලේ ජන්කුක් ගේ මේ හැසිරීම් එක්ක දැන් එයා හොදටම හෙම්බත් වෙලා නිසා...

ටේහ්‍යුන් නිශ්ශබ්දව ජන්කුක් දිහා බලන් හිටියේ ජන්කුක් සන්සුන් වෙනකන් ... කණ්නාඩි මේසෙට ගුලි කරපු ඩුවට් එකෙනුත් ගැහුවට පස්සෙ ජන්කුක් ට හිතට හොදයි ... එයා ටිකක් සන්සුන් උනා...
" හ්හාහ් .. සර් දැන් ටිකක් රෙස්ට් කරන්න .. "

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now