🔹🔷 06 🔷🔹

367 95 30
                                    

රෑ දහය වෙද්දි ටේහ්‍යුන් , අතේ තිබුන ලොකු Programming ගැන තිබුනු පොතේ අන්තිම පිටුවත් කියවලා ඒක සෝෆා එකට දැම්මේ පැය එක හමාරක් එක දිගට පොතක් කියෙව්වත් ඒ නිල් ඇස් වලට වෙහෙසක් නොදැනෙද්දි ....

ඒ ගමන් ම එයා lap එකත් උකුලට අරන් ඇද උඩින් වාඩි උනේ Project එක හදාගන්න...

" Okay ... "
තවත් පැයක් යද්දි එයා මුලු Project එකම Finalize කරේ ඇගේ පතේ හිරි අරින ගමන් කටකොනින් හිනාවෙවී ..

" ජෙයොන් ජන්කුක් ... !!

හහ් හෙට දවස තමා මගේ පලිගැනීමේ ආරම්භය ... තමුන්ගේ ජීවිතේ නරකම අතට හැරෙන්න තව තියෙන්නේ දවසයි ...

තමුන්ට සිද්ධ වෙනවා අනිවාරෙන් මගේ රැවටීම පිලිගන්න ජන්කුක් .. !

මගේ පලිගැනීම මම පටන්ගන්නවාමයි ... "

ඇදෙන් බැහැලා කණ්නාඩිය ඉස්සරහට ගිය ටේහ්‍යුන් කණ්නාඩියෙන් පේන තමන්ගේම ප්‍රතිබිම්බය දිහා බලලා මහ හයියෙන් හිනා උනේ ඒ නිල් පාට ඇස් පලිගැනීමේ සතුටට දිලිසෙද්දි ....

ඒත් එක්කම මේසෙ උඩ තිබුනු එයාගේ phone එක රින්ස් ගියේ ටේහ්‍යුන් භුක්ති විදිමින් හිටිය සතුටට බාධා කරලා...
" ච් ... "
කොල්ලා කටින් සද්දෙකුත් දාලා කකුල් ඇද ඇදම මේසෙ ලගට ගිහින් phone එක අතට ගත්තා...

Name tag එක දැක්කම කොල්ලගේ මූඩ් එක වෙනස් උනා ... හීන් හිනාවක් ඒ තොල් වල ඇදෙද්දි ඒ ඇගිලි කලබලෙන් කෝල් එක ආන්ස්වර් කලා...
" යොබුසෙයෝ හ්‍යුන් ... "

" ඕ ටේහ්‍යුනා ... ඔයා කතා කලේත් නෑ ගිය දවස් ටිකේම මට ... "

" චහ්... අයියෝ ආනී හ්‍යුන් මම ටිකක් බිසී උනා.. ඉතින් හ්‍යුන් .. හදිසියේම ? "

" ආනීයා ... මම මේ ... ඔයා එක්ක ටිකක් කතා කරන්න කෝල් කලේ... වැඩකද .. ? "

" ආනී ... කියන්න හ්‍යුන් .. "
කාමරේ බැල්කනි එකට ගිහින් සීතලේම අත්වැටට හේත්තුවක් දාන ගමන් ටේහ්‍යුන් හිනා උනා....

" ඔයා එයාව හොයා ගත්තා ... නේ .. ? "

" මම කිව්වනේ හ්‍යුන් ... මම හොයාගන්නවාමයි කියලා.. "
ටේහ්‍යුන් ආඩම්බරෙන් නිකට ඉස්සුවා...

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now