🔹🔷 53 🔷🔹

217 63 20
                                    


" ජිමින් හ්‍යුන් ! "

" ඕ ජන්කුකා .. "
ජන්කුක් ගේ ගෙදර දොර වැහෙනවත් එක්කම ක්ලචර්ස් වලින් නැගිටලා හිටිය ජීමින් ජන්කුක් එක්ක හිනාවෙලා ගේ ඇතුලට ආවා .. ඒ එනවත් එක්කමයි ජීමින් දැක්කේ ජන්කුක් ගේ ශර්ට් එකක් ඇඳන් පඩිපෙල පහල ඉන්න ටේහ්‍යුන් ව ..

ජීමින් වාඩිවෙන්න හදලත් ටේහ්‍යුන් ව දැකලා නතර උනා ..
" ඔහ් ටේහ්‍යුනුත් මෙහෙ වගේ .. "
තමන් දිහා බය වෙලා බලන් ඉන්න ටේහ්‍යුන් ට නක්කල් හිනාවක් දාලා ජීමින් සෝෆා එක ලඟට ගියා ..

" ඔව් නේ එයා මා එක්ක මෙහෙ හිටියේ .. අ අනේ ජිමිනා ඔයා තනියමද ආවේ ? ගෙදර එනවයි කියලා කෝල් කලාට මම හිතුවේ නෑ ඉක්මනටම එයි කියලා .. බලාගන හ්‍යුන් .. "
ජන්කුක් ජීමින්ට වාඩිවෙන්න උදව් කලා ..

ටේහ්‍යුන් ගේ පපුව ගල් වෙලා වගේ එයාට දැනුනා .. එයාට හෙල වෙන්නත් බය හිතුනා .. අදින් මේක ඉවර වෙයිද කියලා ටේහ්‍යුන් ගේ ඔලුව කෑගහන්න ගත්තා .. එයා තදින් පඩිපෙලේ අත්වැට අල්ලගන එතනම හිටන් හිටියා ...

" ටේ .. එන්න .. වාඩිවෙන්න ඔයත් .. "
ජන්කුක් ගේ මූණේ ලොකු හිනාවක් තිබුනා ... එයා ජීමින් ව වාඩිකරවලා ටේහ්‍යුන් ගේ ලඟට ගිහින් ටේහ්‍යුන් ගේ අතෙන් අල්ලගන එක්ක ආවා ..

" ඔහ් මම ඔයාලට බාධා කලාද ? "
ජීමින් සෝෆා එකට හේත්තු වෙන ගමන් ටේහ්‍යුන් ගේ උඩ ඉදන් පහලටම බැලුවම ජන්කුක් හයියෙන් හිනා උනා ..

" ඒකට කමක් නෑ .. "
ජන්කුක් එහෙම හිනාවෙලා කිව්වම ටේහ්‍යුන් ඉක්මනට ජන්කුක් දිහා බැලුවා .. ජන්කුක් ජීමින්ගේ පැත්තට කතා කරන්න දෙපාරක් හිතන්නෙවත් නෑයි කියලා ටේහ්‍යුන් ට හරි ඉක්මනට ඒත්තු ගියා ..

ටේහ්‍යුන් වත් ජීමින් ගේ ඉස්සරහින් වාඩි කරවලා ජන්කුකුත් ටේහ්‍යුන් ලඟින් වාඩි උනා ...

" අනෙ හ්‍යුන් කතා කලා නම් මම එනවනේ එක්ක එන්න ... "

" ආනියා ජන්කුකා මම ටැක්සි එකක ආවෙ .. ඔයාව සර්ප්‍රයිස් කරන්න හිතුනා .. ආ මෙන්න .. ඔයා ආසම හොට් චොක්ලට් ගෙනාවා මම .. "
ජීමින් හිස් අතින් ඇවිත් තිබුනෙත් නෑ .. එයා ජන්කුක් ආස දේවල් ගෙනත් තිබුනා ...
" ටේහ්‍යුන් ඉඳීවි කියලා හිතුනේ නෑ නේ .. නැත්තන් තව මොනා හරි ගේන්නත් තිබ්බ .. "
ජීමින් ටේහ්‍යුන් දිහා බලන හැමපාරකම ටේහ්‍යුන් ට දැනුනේ ඒ බැල්ම තමන්ව විනිවිද යන සැර කම්මුල් පාරක් වගේ ..

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now