🔹🔷 16 🔷🔹

272 75 65
                                    


~ පහල Pool එක ළගදි හම්බ වෙමු .. මම ඔයා එනකන් බලන් ඉන්නවා ජන්කුක් ...

- චේරින් -

ජන්කුක් ගේ අතට වේටර් කෙනෙක් ගෙනත් දුන්න පුංචි චිට් එක දැක්කම ජන්කුක් ගේ ඇස්දෙක උඩ යන්න තත්පරයක් වත් ගියේ නෑ ... චේරින් කියන නම දැක්කම ජන්කුක් ගොඩක් තිගැස්සිලා වටපිට බලනවා වයින් ග්ලාස් එකක් අතේ තියාගන ක්ලයන්ට් කෙනෙක් එක්ක කතාවේ හිටිය ටේහ්‍යුන් හොදින්ම දැක්කා...

ජන්කුක් ඉක්මනට බැලුවේ වාඩිවෙලා සෙනී එක්ක හිනාවෙවී උන්න ජීමින් දිහා... එයාට මේක ගැන ජීමින්ට කියන්න උවමනා උනත් මේක ඒකට වෙලාව නොවන බව ජන්කුක් ට තේරුනා...

" මේ චේරින් නොවුනත් .... අහ් එයාව දන්න කෙනෙක් ඉන්නවා ඒ කියන්නේ... What is going on ... ?! "
ජන්කුක් හෙමින් වයින් ග්ලාස් එක මේසෙන් තියලා excuse කරලා එතනින් නැගිටිද්දි ජීමින් ජන්කුක් දිහා බැලුවේ කලබලෙන්...

ජන්කුක් හිනාවෙලා ප්‍රශ්නයක් නෑයි කියලා ඔලුව වනන ගමන් කියද්දි තමා ජීමින් ටිකක් සන්සුන් උනේ...
ජීමින් එක්ක තවත් පාරක් හිනාවෙලා ජන්කුක් හොයන්නේ තමන් ව බව දුර ඉදන් ජන්කුක් දිහා බලන් ඉන්න ටේහ්‍යුන් ට තේරුනා....

" ජන්කුක් ශී මොකක් හරි ප්‍රශ්නයක් ද .. ? "
ටේහ්‍යුන් එහෙම අහද්දි ජන්කුක් ගැස්සිලා ටේහ්‍යුන් දිහා බැලුවා... ඒ නිල් ඇස් කොහේ උනත් ජන්කුක් ට ඒ ටේහ්‍යුන් බව පැහැදිලි කරන නිසා ජන්කුක් ඉක්මනට ටේහ්‍යුන් ගේ ලගට ආවා....

" ටේහ්‍යුන් මම ටිකක් එලියට යනවා ... විනාඩි පහලවකින් වගේ එන්නම් .. හ්‍යුන් ඇහුවොත් කියන්න පොඩි හදිස්සි වැඩක් කියලා .. Okay නේ... ? "
ගැඹුරු කටහඬින් ජන්කුක් එහෙම අහද්දි ටේහ්‍යුන් ඒක අනුමත කරන්න ඔලුව වැනුවා...

" දේ සර් .. මම කියන්නම් .. "
ජන්කුක් හෝල් එකේ දොරෙන් එලියට බහිනකන් ටේහ්‍යුන් බලන් හිටියා...

" ඔයා එහෙනම් ඇම කෑවා ජන්කුක් ... ම්ම් ... "
ටේහ්‍යුන් කටකොනින් හිනාවෙලා වයින් වීදුරුව සම්පුර්ණයෙන්ම කටට හලාගත්තේ එහෙම කියන ගමන්....

ජන්කුක් වගේම ටේහ්‍යුන් ගේ මේ කතා බහ තවත් එක්කෙනෙක් හොද අවධානෙන් බලන් හිටියේ මුල ඉදන්ම එයාට ටේහ්‍යුන් ව විශ්වාස නොවුන නිසා....
ඔව් ඒ ජීමින් .... ටේහ්‍යුන් ගේ මූණේ ඇදුන කපටි හිනාව දැක්කම ජීමින් ටිකක් කලබල උනා....

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now