🔹🔷 29 🔷🔹

225 61 15
                                    


Meeting එකේ හැමෝම යනකනුත් ජන්කුක් තමන්ගේ සීට් එකට වෙලා මේ වැඩ ටික මැනේජ් කරගන්න හැටි කල්පනා කලා...

" සර් අපි කොහොමද දවසින් මේක ඇරේන්ජ් කරගන්නේ .. ඇයි එහෙම කිව්වෙ ? "
ටේහ්‍යුන් හිටියේ ටිකක් තරහින් .. ජන්කුක් ගේ මේ තීරණය නිසා...

" මම දන්නවා අමාරු බව ටේහ්‍යුන් ... ඒත් කරන්නම ඕනි ... මේ JK zero එකත් මට හරි කරදරයක් ... ඉක්මනට ඒක publish කලාම මට ටිකක් නිදහස් ...
හ්‍යුන් ඉක්මනට නැගිටියි .. මම කාලේ කන එකෙන් වෙන්නේ මට හ්‍යුන් එක්ක ඉන්න කාලයක් නැතිවෙන එක .. "
ජන්කුක් එයාගේ සීට් එකෙන් නැගිටින ගමන් එහෙම කිව්වත් එයාගේ ඉනෙන් ආව pain එකට කොල්ලව ආයෙත් සීට් එකට වැටුනේ උගුරෙන් ගෙරවිල්ලකුත් එක්ක...

" අහ්හ්ග් .. "

" ඔහ් .. ජන්කුක් ශී .. ජන්කුක් ශී හොදින්ද ? අහ් ඔයා මේ හොස්පිටල් එකේ ඉන්න ඕනි වෙලාවේ මෙතන මීටින්ස් කරන්න අරන් නේ.. "
ටේහ්‍යුන් ඉක්මනට ජන්කුක් ගේ අතක් තමන්ගේ කරවටේට දාගන ජන්කුක් ට නැගිටින්න උදව් කලා..

" අහ්ම් .... ම මට පුළුවන් ටේහ්‍යුන් .. "
ජන්කුක් ටේහ්‍යුන් ගෙන් ඈත් උනා..

" ටේහ්‍යුන් දැන් යන්න .. ගෙදර යන්න .. හෙට උදෙන්ම company එකට එන්න තේරුනාද ? අපි ඉක්මනට මේ වැඩේ organising ටිකත් ඉවර කරමු .. "
ජන්කුක් එහෙම කියද්දි ටේහ්‍යුන් ජන්කුක් දිහා බැලුවේ සැකෙන් වගේ ...

" සර් මොකක්ද අදහස් කලේ .. ? "

" මම අද company එකේ ඉන්නවා... මට තියෙනවා programs ටිකක් ඉවර කරගන්න ..
Game එක ටෙස්ට් කරලා බලන්නත් ඕනි . "

" මොහ් ... මෙහෙ ? "

ජන්කුක් මේසේ උඩ තිබුන එයාගේ phone එකත් අතට අරන් ලාවට කොර ගගහා මීටින් රූම් එකේ දොර ලගට වෙනකන් ගියා ...
" ආයිශ් ඔයා ඔය මට ඔරෝනවා නම් මම ඔයාගේ salary කපනවා ටේහ්‍යුන් ... ! මමයි CEO මෙතන .. "
ජන්කුක් අහක බලාගනම එහෙම කිව්වෙ නිශ්ශබ්ද ටේහ්‍යුන් මේ වෙද්දි තමන්ට ඔරවගන ඇතියි කියලා හිතුන නිසයි...

ඔව් ඔව් ටේහ්‍යුන් ඔරවලා රවලා ඇසුත් රෝල් කලා තමයි .. ඒ එයාට ජන්කුක් ව නම්ම ගන්න එන්න එන්නම අමාරු කරන ජන්කුක් එක්ක තරහක් ආව නිසා...

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now