🔹🔷 41 🔷🔹

245 65 36
                                    


Flashback ...

ජන්කුක් ස්කූල් එකෙන් හදිස්සියෙම සෝල් වලට යන්න ගියාට පස්සෙ ජීසන්ග් වූ හ්‍යන්ග් දෙන්නත් ඒ තරම් ඇයිහොඇයියක් තියාගත්තෙ නෑ ..
ජන්කුක් ගියාම එයාලා දෙන්නටත් මොකක්දෝ වරදකාරීබවක් දැනුනා ජන්කුක් ව අහු කරපු එකට ...

ඉතින් හෙමින් හෙමින් ඈත් උන ඒ යාලුවො දෙන්නා ස්කූල් එකෙන් අවුට් උනාට පස්සෙ උනත් වැඩිය මුණගැහෙන්න උත්සාහ කලෙත් නෑ .... වූ හ්‍යන්ග් පොඩි රස්සාවක් හොයාගත්තා ... ජීසන්ග් ට නම් එයාගේ අප්පගේ සල්ලි වලින් කාලා බීලා ඉන්න පුළුවන් නිසා එයා කිසිම වැඩක් නොකර ගෙදර හිටියා ..

ඒත් එක දවසක් වූ හ්‍යන්ග් ට message එකක් ඇවිත් තිබුනා .. ඒ ජීසන්ග් ගෙන් .. ස්කූල් එක ලග පාර්ක් එකේ රෑ හතට හම්බවෙන්න එන්න කියලා ජීසන්ග් ආරාධනා කරලා තිබුනම වූහ්‍යන් ටිකක් පුදුම උනා ..

වූ හ්‍යන් ජීසන්ග් එනවයි කිව්ව දවසේ කලින් වැඩ ඇරිලා යමින් ගමන් ස්කූල් එක ලඟ පාර්ක් එකට ගියේ ටිකක් අවිශ්වාසෙන් .. ජීසන්ග් හදිසියේම කතා කලාම වූහ්‍යන් ට සැක හිතුනා ...
එයා යද්දි කවුරුත්ම පාක් එකට ඇවිත් හිටියෙ නෑ ... තවත් විනාඩි පහක් යද්දි වූ හ්‍යන්ග් දැක්කා පාර්ක් එක පැත්තට එන ජීසන්ග් ව ...

" ඒයි ... කාලෙකින් නේ .. මොකෝ මට එන්න කිව්වෙ ? හදිස්සියෙම මතක් වෙලා වගේ ..."
එහෙම අහගන වූහ්‍යන් ලඟට ආව ජීසන්ග් ව දැක්කම වූහ්‍යන් ඇහිබැම් ඇකිලුවා ..

" මම නෙවේ බං උඹයි මට එන්න කිව්වෙ ... ඇයි කතා කලේ .. ? "
දෙන්නම වියවුලෙන් එහෙම කියද්දි වූයන්ග් පිලිගන්නෙම නැති තැන ජීසන්ග් එයාගේ phone එකටත් ආව ඒ එකම විදියේ message එක පෙන්නුවම ‍යාලුවො දෙන්නටම පුදුම හිතුනා ....

" කවුද බං මේ ප්‍රෑන්ක් කරන්නේ ? "
වූයන්ග් තරහින් අහද්දි ජීසන්ග් උරහිස් ඇකිලුවා ... ඒත් එක්කම ඇහුන ඔන්චිල්ලාවක කීං සද්දෙට ජීසන්ග් ඒ පැත්ත හැරිලා බැලුවේ...

එයාලා දෙන්නටම පිටිපස්ස හරවගන අවුරුදු විස්සක විතර කොල්ලෙක් මේ මහ රෑ තනියම ඔංචිල්ලාව හරිම හෙමින් පදිමින් හිටියා ... මේ වෙලාවට ඇහෙන භයානක සද්දයක් ඒ කීං සද්දෙ ....

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now