🔹🔷 46 🔷🔹

228 60 17
                                    


ටිකක් දවල් වෙන්න ඇරලා ජන්කුක් ටේහ්‍යුන් දෙන්නම ආයෙත් සෝල් යන්න පිටත් උනේ Company එකේ වැඩත් දවස් දෙක තුනක්ම මග ඇරුන නිසා ..

" මොනාද කල්පනා කරන්නේ ම්ම් .. "
ශටර් එකට ඔලුව තියාගන එලිය බලන් හිටිය ටේහ්‍යුන් ගේ කකුල උඩින් අත තියපු ජන්කුක් එහෙම අහද්දි ටේහ්‍යුන් ජන්කුක් ගේ අත උඩින් තමන්ගේ අත තිබ්බා ..

" ආනී .. නිකන් . "
ටේහ්‍යුන් පුංචි හිනාවක් දැම්මම ජන්කුක් ටේහ්‍යුන් ගේ අතත් එක්ක ඇඟිලි පටලන් තනි අතින් drive කරාම ටේහ්‍යුන්ට තවත් හිනා ගියා ..

" ටේ .. මොකෝ අනේ මේ .. "

" ම්ම්හ්ම් .. ඔයා කූල් එහෙම ඉද්දි .. ජන්කුක් සර් .. "
ටේහ්‍යුන් හිනාවෙලා කියද්දි ජන්කුක් ඇහිබැම් උස්සලා පාරදිහා බලාගත්තා ...

හදිසියේම ජන්කුක් ටේහ්‍යුන් ගේ අත අතෑරලා අත්දෙකෙන්ම ස්ටියරින් වීල් එක අල්ලගත්තේ වාහනේ යන පාරට එක පාරටම දැම්ම ලොකු ජීප් එක නිසා .. ජන්කුක් ලගේ වාහනේට මූණලා ඒ ජීප් එක ඉස්සරහට එද්දි ජන්කුක් වාහනේ ස්ලෝ කලා ...

" What the hell .. !! "
ජන්කුක් වාහනේ නතර කලේ අර ජීප් එක ජන්කුක් ලගේ පාර හරස් කරලා නතර කරපු නිසා ... ඒක අතුරු පාරක් උනනිසා ජන්කුක් ලට යන්න ඉඩ මදි ඒ ජීප් එක මගෑරලා ..

ජන්කුක් තරහින් කෑගැහුවම ටේහ්‍යුනුත් බැලුවේ කවුද ඒ කියලා ...

ඒත් එක්කම ලොකු ජීප් එකෙන් සුට් බූට් ඇඳගත්ත මනුස්සයෙක් බහිනකොට ජන්කුක් වාහනේ ඉදන්ම ඇස් හීන් කලා ... එයාට මූණු පේන්නෑ තාමත් ..

" ටේහ්‍යුන් මොකාද ඒ .. ? "
ජන්කුක් තරහින් ගුගුරද්දි ටේහ්‍යුන් අවධානෙන් බැලුවා පාරේ තවත් ගාඩ්ස්ලා තුන් දෙනෙක් එක්ක හිටගන ඉන්න මනුස්සයා දිහා ..

" Shit ... ! ඩේමියන් .. "
ටේහ්‍යුන් තමන්ගෙම කලවා වලට අතමිට මොලවලා පාරක් ගහලා කියද්දි ජන්කුක් ට හිනා ගියා ..

" චහ් .. එහෙනම් මම හිතුවා හරි .. ඩේමියන් කාරයා අපිව දේගු වෙනකන්ම follow කරලා .. "

" ඔව් ඔව් අනිවාරෙන් JK Zero එක නිසා ... "
ටේහ්‍යුන් එහෙම කියලා හුස්මක් ගනිද්දි ජන්කුක් එලියට බහින්න දොර ඇරියා ..

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now