🔹🔷 03 🔷🔹

485 105 65
                                    

" අදල් ... මේ බලන්න... මේක ගොඩක් ලස්සනයි ... ඔයා ආසයි නේ නිල් පාටට... ඔන්න අලුත්ම ඩිසයින් එකෙන් ඔයාටම මැස්සුවා...

හොදද බලන්නකෝ... "
ඒ ලස්සන කාන්තා හඩත් එක්ක ජනෙල් පඩිය උඩ වාඩිවෙලා හිටිය අවුරුදු දහයක විතර පුංචි කොල්ලා හෙමින් ඒ පැත්ත හැරිලා බැලුවා...

එයා දැක්කා දොර ලග ලස්සන නිල් පාට ඇදුමක් අතේ තියාගන ඉන්න එයාගේ ඔම්මයි අප්පයි...
" ඒක ලස්සනයි .. "
එයා හීන් කටහඬකින් එහෙම කියලා ඔම්මා ලගට දුවලා ගිහින් ඔම්මව වැලදගත්තේ හරි ආදරෙන් ...

එයාගෙ ඔම්මා එයාගේ මට්ටමට දණ ගහලා එයාලගට නැවුනේ හිනාවෙලා උනත් ඒකෙන් ඒ පුංචි කොල්ලගේ මූණ ආයෙත් මැලවුනා...
" ඔම් .... ම්ම්...මා... "
ඉකියක් පිටවෙද්දි එයා එයාගේ ඔම්මගෙයි අප්පගෙයි මූණ මාරුවෙන් මාරුවට බැලුවත් ඒ හැම මූණක්ම එයාට පැහැදිලි නෑ...

ඒ මූණු බොද වෙලා යද්දි එයාව ආපස්සට ඇදිලා ගියේ එයාගේ School එකට ...

" ඕ .... මෙන්න අපේ මොල කාරයා... "
එක කොල්ලෙක් එහෙම කියාගන ඇවිත් තවත් වයස අවුරුදු දහ අටක විතර කොල්ලගේ කරට අතක් දාගත්තා...

එයා හැරිලා බැලුවේ එයාගෙ කරේ එල්ලුන යාලුවා දිහා...
ඒ මූණ එයාට පැහැදිලි නැති උනා... එයා බැලුවා ඉස්සරහින් හිටන් ඉන්න එයාගේ අනිත් යාලුවො දිහා... එයාලා සතුටින් හිනා උනත් එයාට ඒ එක්කෙනෙක් ගෙ වත් මූණ පෙනුනේ නෑ...

ඒ හැම මූණක්ම බොද වෙලා ... මුළු School එකේ හැමෝගෙම මූණු එයාට පෙනුනේ බොද වෙලා... ඒත් එක්කම එයා ඇදිලා ගියා තවත් පංතියක් ඉස්සරහට ...

" ඒයි ඔයා මෙයාව අදුරනවද ... "
එක කොල්ලෙක් එතන බිම බලාගන හිටිය කෙල්ලෙක් ව පෙන්නලා එයාගේන් අහද්දි එයා බැලුවා ඒ කෙල්ල දිහා...

ඒත් ...
ඒ මූණත් බොද වෙලා...

" න් නෑ.... මට මතකයක් නම් නෑ... "
එයා එහෙම කිව්වෙ ඒ මූණ දකින්න කොච්චර උත්සාහ කලත් එයාට පෙනුනේ බොද උන චායාවක් විතරක් නිසා...

ඒ එක්කම එතන හිටිය කොල්ලො ඔක්කොම ඒ කෙල්ලට හිනා උනේ එයා ඔහේ ඒ දිහා බලන් ඉද්දි ...

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now