🔹🔷 05 🔷🔹

415 96 86
                                    

ජන්කුක් , ජීමින් වගේම ටේහ්‍යුන් වාහනෙන් බැස්සෙ තරු පහේ හෝටලයක් ඉස්සරහින් ..
ජන්කුක් ඉස්සර වෙද්දි ජීමින් එයාගේ පිටිපස්සෙන් ගියේ තවත් ෆයිල් එකකුත් අතේ තියාගන ...

ටේහ්‍යුන් ට නම් මේ වෙන දේ ගැන තේරුමක් නැති උනත් එයා නිශ්ශබ්දව ජන්කුක් ලා පිටිපස්සෙන් හෝටෙල් එකට ඇතුල් උනේ ඉදහිට තමන් ඉස්සරහින් යන දෙන්නට හිත යටින් සමච්චලේට හිනා වෙන්නත් අමතක නොකර ...
" මේ පාර්ක් ජීමින් මගේ පලිගැනීමට බාධාවක් වෙයි ද .. ? "
ටේහ්‍යුන් ගේ ඇස් ගැඹුරු මුහුදේ නිල් පාටින් තවත් දිලිසෙද්දි ඒ ඇස් වල පිරුනේ පළිගැනීමේ වෛරයක් ...
තමන්ගේ ඉස්සරහින් යන ජීමින් දිහා රවලා බලන ගමන් ටේහ්‍යුන් දිවෙන් කම්මුල තෙරපන්න ගත්තා....

විනාඩි කීපයක ගමනකින් එයාලා පස්වෙනි floor එකේ conference hall එකකට ඇතුල් උනා...
" අර පැත්තෙන් සර් .. "
එතෙන්ට ආවේ හෝටලේ මැනේජර් කියන්න පුළුවන් හොදට ඇද පැලද ගත්ත කෙනෙක් ..

එයා ජන්කුක් ට ආචාර කරලා එයාලට වෙන් කරපු table එකට පාර පෙන්නුවා...
" වාඩිවෙන්න ටේහ්‍යුන් .. "
ජන්කුක් ලගින් එහයින් වාඩිවෙන ගමන් ජීමින් ටේහ්‍යුන් ට තමන් ගේ එහා සීට් එක පෙන්නුවා...

ටේහ්‍යුන් කතාවක් නොකර එතනින් වාඩි උනත් මේ වෙද්දිත් එයාගේ හිතේ ප්‍රශ්න ගොඩක් තිබුනා..
" මොන එහෙකටද මේ හොටෙල් එකකට ආවේ ... ?
අනික අපි මේ වාඩිවෙලා බලන් ඉන්නේ කා වෙනුවෙන් ද ... ? "
ඇස් කරකවලා තමන් එක්කම හිනා උනු ටේහ්‍යුන් අත්දෙකත් මේසෙ උඩින් තියාගන වෙන්න යන දේ බලන් ඉදියා...

ඉදහිට ජන්කුක් දිහා බැලුවත් ජන්කුක් හැමවෙලේම ටේහ්‍යුන් ට දැම්මේ නුරුස්සන බැල්මක් ...

තවත් ටිකක් වෙලා යද්දි එතෙන්ට එක වේටර් වරයෙක් ගේ මගපෙන්වීමෙන් ආවේ ටිකක් මැදි වයසේ හිටිය හොදට හැද පැලදගත්තු සල්ලිකාර පෙනුමක් තිබුන කෙනෙක් වගේම එයාගේ දකුණු අත වගේ එයාගේ පස්සෙන්ම වැටුනු තවත් කෙනෙක් ...

ඒත් එක්කම ජිමින් හෙමින් ජන්කුක් ගේ ලගට බර උනා....
" වම්පැත්තෙන් එන්නේ Mr. Dejong , වයස අවුරුදු තිස් හතයි , ටිකක් කපටි පාටයි...

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now