🔹🔷 55 🔷🔹

247 65 47
                                    


ටේහ්‍යුන් දොර වහගන ගෙදරින් එලියට යන සද්දෙ ඇහුනත් එක්කම ජීමින් ජන්කුක් ගේ ඇඳ ලඟින් බිත්තියට හේත්තු උනා ...

" හ්හාහ් මියානේ ජන්කුකා "
ජීමින් බිත්තිය දිගේ ගිහින් බිම ඉන්ද උනා .. එයාගේ කකුල දැන් ගොඩක් දුරට හොඳයි .. ක්ලචර්ස් නැතුව එයාට ඉන්න පුළුවන් ... ඒත් බිම ඉඳගන්නවත් එක්කම එයාට කකුලේ නහර වලින් ලාවට වේදනාවක් දැනුනේ සීයට සීයක්ම කකුල හොඳ වෙලා නැති නිසා ..

තමන් ගේ ආදරේ යන්න ගිය බව නොදැන ඇඳේ නිසොල්මනේ වැතිරිලා ඉන්න ජන්කුක් දිහා ජීමින් බලන් හිටියා ...

" ජන්කුකා .. මට සමාවෙයං මල්ලි .. මම දන්නවා මම කරපු දෙයින් උඹ විඳවයි .. එ ඒත් .. ඒත් ටේහ්‍යුන් ගේ ඇත්ත දැනගත්ත දවසක උඹ මැරි මැරී ඉපදෙනවට වඩා දැන්ම හිත හදාගන්න එක හොදයි නේද ? ම්ම් ... "
ජීමින් තනියම කතා කලා ... ජන්කුක් ට ඒ කිසිදෙයක් නෑහුනාට ජීමින් දිගටම කියෙව්වා ..

ජීමින් බිම ඉඳන් ම ජන්කුක් ගේ ඔලුව අතගෑවා .. ඩුවට් එකත් ජන්කුක් ට හොඳට පොරවලා ජීමින් ඇඳ පාමුලට වෙලා ඔහේ වාඩිවෙලා හිටියා ..

*******

ටේහ්‍යුන් ජන්කුක් ගේ ගෙදර ගාඩ්න් එකත් පහුවෙනකන් පාර දිගේ දිව්වා .. එයා ආයෙම හැරුනෙ නෑ .. ආයෙත් හැරුනොත් එයාගේ ඇස් එයාව ආයෙත් ජන්කුක් ලඟට ගෙනියන බව ටේහ්‍යුන් දන්නවා .. එයා පාර දිගේ ඇවිදන් ආවා ..
හොඳටම අඬ අඬා ටේහ්‍යුන් පාර දිගේ ආවා .. එයා ඇඳන් හිටියේ ජන්කුක් ගේ ටී ශර්ට් එකක් .. එයාට ඒක වත් සිහියක් තිබුනේ නෑ .. ජන්කුක් ගේ කටහඬ නෑහෙන වෙලාවෙ ඉක්මනට ජන්කුක් ගෙන් දුරකට යන්න ටේහ්‍යුන් උත්සාහ කලා ... එයා බස් එකකට නැග්ගා ... ටේහ්‍යුන් ඇඳන් හිටිය සරල වගේම ටිකක් ලොකු නොගැලපෙන ඇඳුමත් , ටේහ්‍යුන් ගේ රතු ගැහිලා ගිය මූණත් එක්ක මිනිස්සු ගොඩක් ටේහ්‍යුන් දිහා බැලුවා .. ටේහ්‍යුන් ගේ කොන්ඩෙ පවා ඇවිස්සිලා .. එයාට තැකීමක් නෑ මිනිස්සු ගැන .. එයාට කදුළු නතර කරගන්න බැරිවෙලා ...

ටේහ්‍යුන් බස් එකෙන් බැහැලා ඔහේ පාර දිගේ ඇවිදන් ආවා .. ඉකිගැහෙනවා මිසක කඳුලු ඔහේ ගලනවා විතරයි ..

එයා කිසිම දෙයක් කල්පනා කලේ නෑ .. මොකද එයාට මතක් වෙන හැම මතකයකම ජන්කුක් හිටියා .. ඒ නිසා ටේහ්‍යුන් කිසි දෙයක් නොහිතම එයාගේ ගෙදර පැත්තට ඇවිදන් ගියා ..

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now