පළමු මේඝය

4.9K 282 49
                                    

අනාථ නිවාසේ කොරිඩෝව දිගේ මන්  ඇවිදගෙන ආවේ හිත අස්සෙ එක එක විදියේ සිතුවිලි මහ ගොඩක් පොදි ගැහෙද්දි.. මේට්‍රන්ගේ රූම් එකට යන්න තියෙන කොරිඩෝ එක හින්දමද කොහෙද වටපිටාවේ තිබුණේ පුදුම නිස්කලංක බවක්.. මගේ රබර් සෙරෙප්පු දෙක බිම ඇතිල්ලිලා ඇහෙන පොඩි සද්දෙ උනත් මහ ලොකුවට මට ඇහෙන්නේ ඒ අමුතුම නිශ්ශබ්දතාවය නිසාම වෙන්න ඇති...

හදවත ගැහෙන රිද්මය ටිකක් වෙනස් වෙලා.. ඒක බයක්.. හිටි හැටියෙම මේට්‍රන්ගේ රූම් එකට එන්න කිව්වාම කවුද බය නොවෙන්නේ... මම අනාථයෙක් හැබැයි පොහොසත් අනාථයෙක්.. මටවත් තේරෙන්නේ නෑ මොකක්ද ඒකේ තේරුම කියලා.. ඒත් මන් දන්න එකම දේ මම ලංකාවේ ඉන්න ලොකුම සල්ලිකාරයෙක්ගේ දුවෙක්.. මන් ඉන්න අනාථ නිවාසේ ළමයි හැමෝම එහෙමයි.. ලොකු ලොකු සල්ලිකාර පවුල්වල ගෑනු පිරිමි සල්ලාලකමේ ගිහින් හදාගත්තු ඒත් ලේ බැඳීම හින්දා අතෑරලා දාන්නත් බැරි ළමයි, එයාලා නඩත්තු කරන්නෙ මේ අනාථ නිවාසෙට භාරදීලා.. සමහර පවුල්වල අය තමන්ගේ හෘද සාක්ෂියෙන් බේරෙන්න එයාලට අනවශ්‍ය මොහොතක ඉපදුණු ළමයින්වත් මේ අනාථ නිවාසෙට භාරදෙනවා.. එයාලගෙම සල්ලිවලින් උගන්නනවා.. කන්න බොන්න දෙනවා... ඒත් එයාලා දන්නැතුව ඇති සැප සාත්තු කරලා උස් මහත් කරගන්න සිරුරට ජීවිතයක් දෙන්න ආදරය කියන දෙයින් පොඩ්ඩක් හරි තියෙන්න ඕන කියලා.. මාත් ඒ වගේ කෙනෙක්.. සල්ලිකාර පවුලකට නුවමනා උන දරුවෙක් ...

හෙමින් හෙමින් මේට්‍රන්ගේ රූම් එකේ දොර ගාවට ආවම මන් ලොකු හුස්මක් අරන් හිත ටිකක් සන්සුන් කරගත්තා.. මූණේ හිනාවක් ඇඳගෙන ඇතුළට යනකොට මේට්‍රන් වගේම තව කළු කෝට්කාරයෙකුත් රූම් එක ඇතුළේ හිටියා...

"ආහ් අවින්දි.. එන්න.. මේ ඉන්නේ මිස්ටර් වනිගරත්න.. ඔයාගේ අම්මා එවලා තියෙන්නෙ..."

මේට්‍රන් එහෙම කිව්වම මන් බැලුවේ මිස්ටර් කළු කෝට් දිහා.. ටිකක් වයස පාට උනත් දාලා තිබුණ රත්තරන් පාට ෆ්‍රේම් එක තියෙන කන්නාඩි දෙක නිසා අමුතු වැදගත් පෙනුමක් මිනිහට ඇවිත් තිබ්බා.. මන් ඉතින් මූණ බලලා හිනා වුනා.. වෙන මොනවා කියන්නද...

"මිස් අවින්දි රන්දුනු සේනාධීර.. නයිස් ටු මීට් යූ.. අයිම් යුවර් ෆැමලි ලෝයර්.."

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now